වත්මන් යුධ හමුදාපති ශවේන්ද්‍ර ද සිල්වාට පෙර ඇමරිකානු රජය විසින් එරටට ඇතුල්වීම තහනම් කරනු ලැබුවේ හිටපු යුධ හමුදාපතිවරයකු වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට බවත් එම තහනම මේවනවිට ද ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් ඔහුගේ සමීපතම නිලධාරියකු පැවසිය.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ප්‍රාදේශිය සංවර්ධන කැබිනට් ඇමැති ලෙස සිටිය දී ඇමරිකා එක්සත් ජනපදයට යාම සඳහා විසා ඉල්ලුම් කළ අවස්ථාවේදී ද ඇමරිකානු බලධාරීන් ඔහුට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කර තිබිණ.

එසේ විසා ප්‍රතික්ෂේප කර ඇත්තේ, 2009 යුද සමයේ යුද හමුදාපති වශයෙන් ක්‍රියාකරද්දී යුද හමුදාව විසින් බරපතල අපරාධ සිදුකර ඇතැයි ලැබී තිබුන චෝදනා සැලකිල්ලට ගනිමින් බව පසුව වාර්තාවිය.

ෆොන්සේකාගේ සිය දියණියන් බැලීමට 2015 දී කොළඹ ඇමරිකා තානාපති කාර්යාලයෙන් වීසා ඉල්ලා සිටි නමුත් එය ද ප්‍රතික්ෂේප විය. 

ඒ සෑම අවස්ථාවකදීම ෆොන්සේකාගේ විසා ප්‍රතික්ෂේප කර තිබුනේ පැහැදිලි හේතුවක් ඉදිරිපත් නොකරමිනි. 

කෙසේවුවද ශවේන්ද්‍ර සිල්වාට ඇමරිකාවට ඇතුල්වීම තහනම් කරමින් නියෝගයක් නිකුත්කර ඇත්තේ, එරට රාජ්‍ය ලේකම්වරයාය. ඒ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් ද නිකුත්කර තිබිණ.

Sarath text1ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුව විසින් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ, විදේශ මෙහෙයුම් සහ අදාළ වැඩසටහන් විසර්ජන පනතේ 7031 (c) වගන්තිය යටතේ ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට තහංචි පනවා ඇත්තේ ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන අදියර වූ 2009 දී යුද හමුදාවේ 58 වැනි සේනාංකය විසින් නඩු නැති ඝාතන ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝනයේ යෙදීම සඳහා ඔහු විසින් විධාන වගකීම දැරූ බවට චෝදනා ඉදිරිපත් කරමිනි.

මෙය ආරක්ෂක හමුදා සමග ගනුදෙනු කිරීමේදී අනිකුත් ආණ්ඩු සහ එක්සත් ජාතීන්ගේ සංවිධාන වෙත කරන ලද පුර්ව සංඥාවක් ලෙස ද සැලකිය හැක.  


ITJP විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා කල ප්‍රකාශය 

ITJP විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා
yasmin sooka itjp“යුද අපරාධ චූදිතයකු යුද හමුදාපති, වැඩ බලන මාණ්ඩලික ප්‍රධානියාද බවට පත් කෙරෙන තුරු දිගින්  දිගටම උසස්වීම් ලබා දෙමින්, ශ්‍රී ලංකාවේ බලයට පත්වුනු ආණ්ඩු හැසිරුනේ බරපතල දණ්ඩ මුක්තියකින් යුතුවය. එයින් කිසිදු පලවිපාකයක් අත්වනු නැතැයි ඔවුන් සිතීම අමු උද්දච්ච කමකි," යි සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතියේ (ITJP) විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ පැවැත්වෙන සංක්‍රාන්තික යුක්තිය පිළිබඳ පළමු විවාදයට සහභාගි වීම සඳහා නිව් යෝර්ක් නුවරට ගොස් සිටියදීය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 58 සේනාංකයට අණ දීමේ දී කරන ලද කාර්ය භාරය පිළිබඳව මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එක්සත් ජාතීන්ගේ විමර්ශන වාර්තාවක නමින් සඳහන් කරන ලද්දෙකි.

එහි මෙසේ සඳහන් විය.

'' මාස කිහිපයක කෙටි කාලය තුලදී දස දහස් සංඛ්‍යාත නිරායුද  වැසියන්ගේ මරණ සිදු කරමින් රෝහල් වලට, කෑම පෝලිම් වලට සහ අනාථ කඳවුරු වලට 2009 දී හිතාමතා එල්ල කළ අඛණ්ඩ ප්‍රහාර සම්බන්ධයෙන් එම ඒකකය වග කිව යුතුය.

 2009 මැයි 18 වැනිදා “සුදු කොඩි” භාරවීම් සිදුවූ ස්ථානයේ පුද්ගලිකවම සිටි බවට චෝදනා ලබන ලුතිනන් ජෙනරාල් සිල්වා තමන් එම ප්‍රදේශයේ සමස්ත අණදීම භාරව සිටි බව පුද්ගලිකවම තහවුරු කර තිබේ. යටත් වන දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානයේ (LTTE) නායකයන්ට ශවේන්ද්‍ර සිල්වා අතට අත දෙනු දුටු බව ඇසින් දුටු සාක්ෂි කරුවකු පවසයි. පැය කිහිපයකට පසු ඔවුන් මියගොස් තිබුනි. සුදු කොඩි රැගෙන පැමිණ භාර වීම ආරක්ෂා සහගත බවට ආණ්ඩුවෙන් සහතිකයක් දී තිබුනත්, ඔවුන් නඩු විභාගයකින් තොරවම ඝාතනය කරන ලද බව එක්සත් ජාතීන්ගේ විමර්ශනයක දැක්වේ. මෙය ජාත්‍යන්තර මානවීය නීතිය පැහැදිලිවම උල්ලංඝනය කිරීමකි.''

2008-9 යුද සමයේ ලුතිනන් ජෙනරාල් සිල්වාගේ ආඥාපති භූමිකාව විස්තර කරමින් ITJP විසින් පිටු 137 කින් යුත් තොරතුරු ගොනුවක් 2019 දී ප්‍රකාශයට පත් කරන ලදී. 

එක්සත් ජාතීන්ගේ විමර්ශනය මත පදනම් වූ එම තොරතුරු ගොනුව ඔහු පුද්ගලිකවම වරදට බැඳලන සාක්ෂි සමුදායක් ඒකරාශී කර තිබුනි. ඡායාරූප, එවක ජංගම දුරකතන කෙටි පණිවිඩ සහ හමුදාව අභ්‍යන්තරයේ පුද්ගලයන් ඇතුළු පුද්ගලයන් විසින් දෙන ලද  සාක්ෂිද, නිල යුද හමුදා නිවේදන වල සාක්ෂිද එම සාක්ෂි වලට ඇතුලත් වේ.  

ඒ අවස්ථාවේ ITJP ඉල්ලා සිටියේ නොපමාව ශවේන්ද්‍ර සිල්වාගේ වැඩ තහනම් කොට අපරාධ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසය. ඒ වෙනුවට ශ්‍රී ලංකා රජය ඔහුට උසස්වීම් දෙන ලදී.Sarath text2

“සමස්ත ශ්‍රී ලංකා යුද හමුදාවම ස්වකීය හමුදාපතිවරයා කරණකොටගෙන දූෂිත වී ඇති නිසා මෙය ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ලබාගන්නා සකල සාමසාධක දායකත්වයන් වහාම අත්හිටුවීම සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයාටද අවදි වීම සඳහා කෙරෙන කැඳවීමකි,” විධායක අධ්‍යක්ෂිකා සූකා පැවසුවාය. 

“හයිටියේ දරුවන් සංවිධානාත්මකව ලිංගික වශයෙන් සූරා කෑ සාමසාධක භටයන් ශ්‍රී ලංකාව විසින් කිසි කලෙකත් දඟගෙයි ලා නැත. නඩු නැති ඝාතන, බලහත්කාර අතුරුදහන් කිරීම්, වධහිංසා සහ ලිංගික දූෂණ වැනි බරපතල අපරාධ ආයතනගතව සහ පුරුද්දක් ලෙසින් අනුමත කරන සංස්කෘතියක් මෙම ආරක්ෂක හමුදා විසින් දශක ගණනාවක් තිස්සේ පුරුදු පුහුණු කරන ලද බව දැන් හොඳින් පැහැදිලිය. 

කෘර අපරාධ සිදුකිරීම සම්බන්ධයෙන් වගකිවයුත්තන් අණදීමේ මට්ටමින් ග්‍රහණයට ගැනීම සඳහා තිබෙන  ජාත්‍යන්තර හා දේශීය වශයෙන් දී තිබෙන පොරොන්දු ඉටුකිරීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පසුගිය දශකයේම අසමත් වී සිටී.”

(සමාප්තයි.)
 

ඇමරිකාව යුද හමුදාපති ශවේන්ද්‍රට තහනමක් පැනවීම ගැන ශ්‍රී ලංකා රජයෙන් දැඩි ප්‍රතිචාරයක්!

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්