ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරි මහ මැතිවරණයේදී නිර්පාක්ෂිකයකු ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ඉදිරි මැතිවරණයට 'ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය' නමින් තරග කිරීමට තීරණය කර ඊට අදාල ලියකියවිලි මැතිවරණ කොමිසම වෙත ඊයේ (17) බාරදෙනු ලැබුවද එම නව සන්ධානයේ කිසිඳු තනතුරකට ජනාධිපතිවරයා නම් කර නොමැත්තේ ඒ අනුව බව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

කෙසේවුවද ගෝඨාභය රාජපක්ෂ දේශපාලන කරලියට ගෙනඑමින්, ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා සුවිශාල කාර්යය භාරයක් ඉටුකරනු ලැබූ 'වියත්මඟ',  'යුතුකම සංවාද කවය' හා 'එලිය' සංවිධාන වල ප්‍රධානින් කිහිප දෙනෙකු 'පොහොට්ටුව' යටතේ ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීමට නියමිතය.

ඒ අනුව  'වියත්මඟ' සංවිධානයේ ආචාර්ය නාලක ගොඩහේවා ගම්පහ දිස්ත්‍රීක්කයෙන් ද රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර හා වෘත්තීයෙන් ගණකාධිකාරීවරයෙකු වන අනුර ප්‍රනාන්දු කොළඹ දිස්ත්‍රීක්කයෙන් ද ඉදිරි මහ මැතිවරණයට 'පොහොට්ටුව' ලකුණින් ඉදිරිපත්වේ.

එසේම, 'එළිය' සංවිධානයෙන් මහාචාර්ය චන්න ජයසුමන ද 'යුතුකම සංවාද කවය' නියෝජනය කරමින් ගෙවිඳු කුමාරණතුංග ද 'පොහොට්ටුව' ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

සබැඳි පුවත් :

වියත්මඟට නාමයෝජනා පක්ෂවලින් පමණයි ! - පොහොට්ටුවේ පක්ෂ තීරණය කරයි !!

මහ ඡන්දයට නාමයෝජනා : ජනපතිගේ වියත්මඟ උගතුන්ට දැනටම විරෝධයක් !

පරණ අය ගෙදර: මහ ඡන්දෙට ගෝඨාභයගෙන් අලුත් මුහුණු 100ක් !

''ජනපතිට හයිය දෙන්න අලුත් පිරිසක් මැතිසබයට පත්කරන්න'' - ගෝලීය ශ්‍රී ලංකා සංසදය

මහ ඡන්දය : සෑම දිස්ත්‍රීකයකටම 'වියත්මඟ' දෙදෙනෙක්! - ජනාධිපතිට හයිය දෙන්න තරුණ ජාලයක්!!

 Apekshakaya

subscribeYT

Cyber Window

නවතම පුවත්