පොහොසත් ගමක් හැදීමට ගමට මුදල් ගලා ආ යුතු බවත් රැකියා බිහිවි ගමට මුදල් ලැබීමට අධ්‍යාපනය ඇතුලු අනිකුත් අංශ දියුණු විය යුතු

යැයි ඩී.පී.එඩියුකේෂන් නිර්මාතෘ හා සභාපති ධම්මික පෙරේරා පවසා තිබේ.

“ඩී.පී.එඩියුකේශන් අයි.ටී. කැම්පස්” ව්‍යාපෘතිය යටතේ තවත් එක් වැඩසටහනක් බිබිල වෑගම ශ්‍රී සද්ධර්මාලංකාර පිරිවෙන් විද්‍යායතනායේදී අප්‍රියෙල් 16 වැනිදා ආරම්භ කිරිමට එක්වෙමින් ඔහු ඒ බව කියා සිටියේය.

“පොහොසත් ගමක් හැදුනොත් විතරයි පොහොසත් පවුල් ඒකකයක් හැදෙන්නේ. පොහොසත් ගමක් හැදෙන්න නම් මේ ගමට සල්ලි එන්න ඕන. ගමට සල්ලි එන්නනම් ගම තුල රැකියා අවස්ථාවන් තියෙන්න ඕන. රැකියා අවස්තාවන් ඇතිවෙන්න නම් ගමේ අධ්‍යාපනය ඇතුළු අනෙකුත් අංශ දියුණු වෙන්න ඕන. ඒකට අවශ්‍ය වැඩපිළිවෙල තමයි මම මේ ඩී.පී.එඩියුකේශන් ව්‍යාපෘතිය තුලින් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කරමින් යන්නේ.”


මේ වන විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 131ක ඩී.පී. එඩියුකේශන් අයි.ටී. කැම්පස් වැඩසටහන ක්‍රියාත්මක අතර ශ්‍රී ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක්ම  ආවරණය වන පරිදි ඩී.පී.එඩියුකේශන් කැම්පස් ආරම්භ කිරිම තම බලාපොරොත්තුව බව ධම්මික පෙරේරා සඳහන් කළේය.


“ඒ වගේම අද මට විශේෂ දවසක්, මොකද කියනවනම් අද මට පුලුවන් වුණා පළමුවෙනි ඩිජිටල් පෙර පාසල මේ ගමේ විවෘත කරන්න. ඒක මේ ප්‍රදේශයේ දෙමාපියන් ලැබූ ලොකු ජයග්‍රහණයක් විදියට තමයි මම දකින්නේ. ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය විදියට තේරිල තියෙන්නේ මේ මම හදපු ඩී.ඩී. එඩියුකේශන් අධ්‍යාපන නාලිකාව.” යි හෙතෙම පැවසීය.

මෙම වැඩසටහන හරහා ගම දියුණු පත් වීම නවතාලිය නොහැකි බවත් ඉන් පොහොසත් රටක් නිර්මාණය වන බව ද ඩී.පී.එඩියුකේෂන් නිර්මාතෘ හා සභාපතිවරයා පෙන්වා දුන්නේය.

පරිගණක 21කින් සමන්විත “ඩී.පී. එඩියුකේශන් අයි.ටී. කැම්පස්” නිල වශයෙන් සිසුන්ට භාර දිම,  “ඩී.පී. සිලිකන් වැලි අයි.ටී. ඔෆිස් ”  විවෘත කිරීම, භාෂා පාසල විවෘත කිරීම, ක්‍රීඩා පාසල විවෘත කිරීම, හෙද පුහුණුව ලබාදීමේ වැඩසටහන ආරම්භ කිරීම, ස්වයං රැකියා ලාභීන් සඳහා විසිතුරු මත්ස්‍ය  නිෂ්පාදනය සම්බන්ධ පාඨමාලා ආරම්භය ඇතුළු වැඩසටහන් රැසක් ද බිබිල වෑගම සද්ධර්මාලංකාර විද්‍යායතනයේ ආරම්භ කරන ලදී.

DP mvmcvnb

 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්