රජය විසින් ඉදිරිපත් කිරීමට සූදානම් වන නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා

කමිටුවක් පත් කර ඇති අතර එම කමිටුවේ සභාපති වන්නේ ඇමති නිමල් සිරිපාලද සිල්වා යි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව, එම පක්ෂයේ නායක  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ රැස්වී එම තීන්දුව ගෙන ඇත.

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, 20 වන ආණුඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව ඕනෑම කරුණක් සම්බන්ධයෙන් අධ්‍යයනය කර ශ්‍රීලනිපයේ ස්ථාවරය දැනුම්දීම එම කමිටුවේ වගකීම ලෙස ප්‍රකාශකර තිබේ.

SLFP logo

 

'පොහොට්ටුවට' සැකයක් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තම පක්‍ෂයේ යෝජනා සකස් කිරීම සදහා කමිටුවක්ද පත් කර තිබීම 'පොහොට්ටු' පක්ෂ නායකයින්ගේ සැකයට ලක්ව තිබේ.

විමල් විරවංශ අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත පලකෙරෙන Lanka Lead News එම කාරණය පිළිබඳව සැක මතුකරමින් තවදුරටත් වාර්තා කර ඇත්තේ, වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ ඇති තුනෙන් දෙකේ බලය කේවල් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කිරීමේ සූදානමක ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන බවයි.

දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 15 දෙනෙකු සිටින අතර නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට හෝ ව්‍යවස්ථා සංශෝධනයකට අවශ්‍ය වන 2/3 බලය ලබාගැනීමට ශ්‍රීලනිප එම මන්ත්‍රීවරුන් තීරණාත්මක වේ.

එවැනි තත්ත්වයක් තුළ ශ්‍රීලනිප ය  එම බලය දේශපාලන වශයෙන් කේවල් කිරීම සඳහා යොදා ගැනීමට සූදානමින් සිටින බවද එම වෙබ් අඩවිය වැඩි දුරටත් සඳහන් කරයි.

 

19 සුරැකීමේ ව්‍යාපාරයක් !

sirisena sobithaමාදුළුවාවේ සෝභිත හිමියන් ගෙනගිය දේශපාලන වැඩපිළිවෙල පෙරට ගෙනයාම සඳහා

මේ අතර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සාධනීය අංග රැකගැනීම සඳහා සමාජ මතයක් ගොඩනැගීමේ අරමුණින් ශ්‍රීලනිපයේ ක්‍රියාකාරීන් පිරිසක් රටපුරා රැස්වීම මාලාවක් සංවිධානය කිරීමට තීරණය කර ඇතයි ද වාර්තාවේ.

අපවත්වී වදාළ පුජ්‍යපාද මාදුළුවාවේ සෝභිත හිමියන් ගෙනගිය දේශපාලන වැඩපිළිවෙල පෙරට ගෙනයාම සඳහා එම පිරිස එවැනි තීන්දුවකට එළඹ ඇත්තේ ශ්‍රීලනිප නායකත්ව ද දැනුවත් කිරීමෙන් අනතුරුව බවද පැවසේ.

19 සංශෝධනය ඉවත් කිරීමට කටයුතු කර රටට අවශ්‍ය, ගැළපෙන නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරමින් ඊයේ (අගෝස්තු 20) පැවසිය.

ස්ථාවර පාර්ලිමේන්තුවක් ගොඩනැගීමේ අරමුණෙන් පවතින සමානුපාතික නියෝජන ක්‍රමයේ වෙනසක් ඇති කිරීමටද නව ආණ්ඩුව බලාපොරොත්තු වන බවට ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

සබැඳි පුවත් :

ජනපති ගෝඨාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය : වඩාත් බරපතල ප්‍රතිසංස්කරණයක සුදානමක් !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්