වෛද්‍ය සාෆි ෂියාබ්දීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කරගෙන යනු ලබන පරීක්ෂණයට ඉඩ දී

සෞඛ්‍ය අමාත්‍යංශය පත්කළ කමිටුව ක්‍රියාත්මක නොකර සිටීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු ඉහල නිලධාරීන් පිරිසක් තීරණය කර ඇති බව 'අනිද්දා' පුවත්පත වාර්තා කර තිබේ.

වෛද්‍ය සාෆි ෂියාබ්දීන් තමන් වඳ කර ඇති බවට පැමිණිලි කර ඇති මවුවරුන් 943 ක් අතරින් මව්වරුන් 500 කට අධික පිරිසකගෙන් ද, කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා ඇතුළු වෛද්‍යවරුන් 20කගෙන්, ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන් 06කගෙන්, කුරුණෑගල රෝහලේ හෙදියන් 69කගෙන් හා රෝහල් කාර්ය මණ්ඩලයේ 18 දෙනෙකුගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

අධිකරණ වෛද්‍යවරුන්ගේ කමිටුවක් මගින් වෛද්‍ය සාෆි ෂියාබ්දීන් තමන් වඳභාවයට පත්කර ඇතැයි පැමිණිලි කර ඇති මව්වරුන් විද්‍යාත්මකව පරික්ෂාකර බැලීමට ඉදිරියේදී කටයුතු සූදානම් කර ඇති බවත් වාර්තා වේ.

නීතිපතිවරයා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර සාකච්ජාවකින් අනතුරුව මේ ආකාරයෙන් පැමිණිලි ඉදිරිපත් කළ මව්වරුන් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් යටතේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය පරීක්ෂණ මණ්ඩලයක් වෙත මේවනවිට යොමුකර ඇත.

 

සියලු විමර්ශන වාර්තා 27දා අධිකරණය වෙත

තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයකු විසින් සිංහල බෞද්ධ මවුවරුන් 4000ක් වඳභාවයට පත් කරන ලද බවට මැයි 23 වැනිදා 'දිවයින' පුවත්පත සිය ප්‍රධාන පුවත මගින් පළමු වරට අනාවරණය කර තිබිණ.

එය තම දේශපාලන වාසියට යොදාගත් රාජපක්ෂවරුන් ඇතිකළ බලපෑම් මත වෛද්‍ය සාෆි මේවනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් සිදුකළ සියලු විමර්ශන වාර්තා ලබන 27දා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියි.

 

පැලෝපිය නාල විනාශ කලොත් දඬුවම මෙන්න !

සිසේරියන් සැත්කමක් සිදුකරන අවස්ථාවක VOD වෛද්‍යවරයකු සිටිය යුතු බව පිළිගත් සම්ප්‍රදාය වුවද එවැනි වෛද්‍යවරුන්ගේ හිඟය නිසා VOG වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ එවැනි සැත්කම් සිදුවේ. රජයේ රෝහලක එවැනි සැත්කමකට අනිවාර්යයෙන් නව දෙනෙකුගේ (09) කාර්ය මණ්ඩලයක් සහභාගී විය යුතු සඳහන් වේ.

VOG , ජ්‍යෙෂ්ඨ වෛද්‍ය, සහකාර වෛද්‍ය, නිර්වින්දක වෛද්‍ය, ශල්‍යාගාර හෙදිය ඇතුළු තවත් හෙදියක් (රනින් නර්ස්), සාත්තු සේවකයින් දෙදෙනෙක්, ලේබර් කෙනෙකු ආදී වශයෙන් සැත්කම් කාර්යයට දායකවේ. මේ කාර්ය මණ්ඩලයේ දැනුවත් භාවයකින් තොරව පැලෝපිය නාල කපා දැමීමක් හෝ මිරිකීමක් කළ නොහැකිබව වෛද්‍ය විශේෂඥයින්ගේ මතයයි.

වෛද්‍ය සාෆිට එරෙහිව මෙතෙක් අධිකරණය හමුවේ කිසිඳු චෝදනා ගොනුකර නැතත් පැලෝපිය නල විනාශ කිරීමක් ගැන වෛද්‍ය පරීක්ෂණ වලදී කරුණු තහවුරුවුවහොත් දණ්ඩ නීති සංග්‍රහය යටතේ බරපතල තුවාල සිදුකිරීමේ චෝදනාව මත නඩු පැවරීමට කටයුතු කරන බව අප වෙත තොරතුරු ලබාදුන් පොලිස් නිලධාරියා කියා සිටියේය.

ඒ වැනි අවස්ථාවකදී එවැනි සැත්කම් වලට සම්බන්ධවූ සියලුම වෛද්‍යවරුන්ට හා හෙදි කාර්ය මණ්ඩලයට ඊට අනුබලදීම යටතේ චෝදනා ගොනු කිරීමට සිදුවන බවද ඔහු වැඩිදුරටත් පැවසිය.

සබැඳි පුවත් :

මාධ්‍ය විසින් එල්ලුම් ගස් යැවූ වෛද්‍ය සාෆි ගැන බිරිඳ ඉමාරා කියන කතාව

කුරුණෑගල හෙදියගේ ගර්භාෂය ඉවත් කලේ කව්ද ? ලොකු පටලැවිල්ලක් !

'වඳ කතා නාඩගම' : මහාචාරියාගේ මුස්ලිම් විරෝධය ගැණු හුටපටයක් !

'වඳ කතා නාඩගම' : වෛද්‍ය සාෆිගේ බිරිඳ කියන කතාව මෙන්න

වඳ කතා නාඩගම' : රටම ගිණි තැබූ DIG ට බරපතල චෝදනා තුනක් !

'වඳ කතා නාඩගම' : රටම ගිණි තැබුවේ කුරුණෑගල පොහොට්ටු DIG ! h

කුරුණෑගල දොස්තරට එරෙහිව පැමිණිලි සියල්ල සැකය මතයි - CID කියයි

අත්අඩංගුවට පත් වෛද්‍යවරයා ගැන කුරුණෑගල වෛද්‍යවරයකු කියන කතාව

වඳ සැත්කම් ශල්‍යකර්ම වලට හවුල් වූ සියලු දෙනා අත්අඩංගුවට !

දිවයින පුවත පලදරයි : වඳ සිසේරියන් භිෂණය රට පුරා

'දිවයින' වඳ සැත්කම් කතාව : 'පොහොට්ටු' වීර බණ්ඩාරගේ ක්‍රියාන්විතයක්

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image