ආණ්ඩුව මුහුණදී සිටින බරපතල මුල්‍ය අර්බුදය හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සුපිරි වාහන බලපත් ලබාදීම පමා කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

කෙසේවුවද 20 වන ව්‍යවස්ථාව සම්මතකර ගැනීම සඳහා මන්ත්‍රීවරුන්ට නොපමාව වාහන බලපත් ලබාදීම සුදුසු බවට රාජපක්ෂ පවුලේ ප්‍රධානියකු යෝජනා කර ඇතත්, ජනාධිපතිවරයා මේ දක්වා ඊට අනුකුලතාවයක් දක්වා නොමැති බවද පැවසේ.

තමා පාර්ලිමේන්තුවට පත්වූ පසු තීරු බදු රහිත අධි සුඛෝපභෝගී වාහන බලපත්‍රය ලබා නොගන්නා බවට කෝට්ටේ මහ නගරසභාවේ හිටපු නගරාධිපති නීතිඥ මධුර විතානගේ මහ මැතිවරණ සමයේ ප්‍රතිඥාවක් ලබා දුන්නේය.

ජනාධිපතිවරයාගේ සමීපතම හිතවතකු වන මධුර විතානගේ එසේ ප්‍රතිඥාවක් ලබා දුන්නේ මන්ත්‍රී වාහන කප්පාදුවක් සඳහා පුර්ව සුදානමකින් දැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර මේවනවිට සැකයක් ද මතුව ඇත.

Gotabaya Madura

කෝටි හත්දහසක මුදලක් ඉතිරි කර ගැනීමට !

මන්ත්‍රීවරුන්ට ලබා දෙන වාහන බලපත්‍රවලින් පමණක් රුපියල් කෝටි හත්දහසක මුදලකට වැඩි මුදලක් රජයට අහිමිවන බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මිට ඉහතදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශකර තිබිණ. 

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය දෙනෙකුට ආසන්න පිරිසක් තමන්ට හිමිවන තීරුබදු රහිත මන්ත්‍රී වාහන බලපත්‍රය ලක්ෂ 250කට වැඩි මුදලකට වෙනත් පාර්ශවයකට විකුණා ඇති බවට චෝදනා කරමින් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනු කරමිනි.

2016 වසර සඳහා වන අයවැය ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරුන් සහ රජයේ නිලධාරීන්ට වාහන බලපත්‍ර ලබා දීම අහෝසි කිරීමට යහපාලන ආණ්ඩුව යෝජනා කළ අතර එසේ බදු සහන ලබා දීම මගින් රජයට වාර්ෂිකව රුපියල් කෝටි හාරදහසක ආදායමක් අහිමිවන බව එයට හේතු වශයෙන් සඳහන් කළේය.

කෙසේ නමුත් මන්ත්‍රීවරුන්ගෙන් හා රජයේ නිලධාරීන්ගෙන් එයට එරෙහිව එල්ල වූ දැඩි විරෝධය හමුවේ යළිත් ඔවුන් වෙත තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා දීමට යහපාලන ආණ්ඩුව කටයුතු කළේය.

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපත් කපන්න ලු !

Upali 2020.08
මේ අතර අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි අනුනාහිමියන් පවසන්නේ, ජනතා නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තුවට යන මන්ත්‍රීවරුන්ට වසර පහකට පසු විශ්‍රාම වැටුප් ලබා දීම යෝග්‍ය නොවන බවයි. 

අභිනවයෙන් තේරී පත්වූ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මහතා පසුගියදා (05) උන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත් අවස්ථාවේ අනුනාහිමියෝ එසේ පැවැසූහ.

පාර්ලිමේන්තු ආපනශාලාවේ මැති ඇමතිවරුන්ගේ වසරක කෑම වියදම රු. කෝටි 12ක් බවට මාධ්‍ය වාර්තා කර තිබූ බවත් මෙවැනි අනවශ්‍ය වියදම් කපා හැර රට වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩ ගැනීමට කටයුතු කළ යුතුව තිබෙන බව උන්වහන්සේ එහිදී සඳහන් කළහ.

රට පවතින තත්වයෙන් ගොඩ ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අවංක උවමනාවක් තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන බවත් ඔහුගේ තීරණ සමඟ රටේ බහුතර ජනතාව එකඟ වන බවත් අනුනාහිමියෝ සඳහන් කළහ.

රට පවතින තත්වයෙන් ගොඩ ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අවංක උවමනාවක් තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන බවත් ඔහුගේ තීරණ සමඟ රටේ බහුතර ජනතාව එකඟ වන බවත් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි අනුනාහිමියන් සඳහන් කළහ.

මත්කුඩුවලින් රට මුදා ගැනීමට මෙතෙක් බලයේ සිටි කිසිදු නායකයෙකුට අවංක උවමනාවක් නොතිබුණ බවත් ජනපතිගේ නායකත්වය යටතේ මත්කුඩු රටෙන් අතුගා දැමීමට විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් අනුනාහිමියෝ අවධාරණය කළහ.

පෞද්ගලික උත්සවවලට සහභාගිවීමට ජනාධිපතිවරයාට කාලයක් නොමැති නිසා එවැනි උත්සවවලට ආරාධනා නොකරන ලෙස කළ ඉල්ලීම ඉතාම වටිනා එකක් බවත් එය සියලු නායකයන්ට ආදර්ශයක් බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.


සබැඳි පුවත් :

කෝටි 7,000කට වැඩි ඉතිරියක්: මින් පසු මන්ත්‍රීවරුන්ට තීරු බදු වාහන බලපත්‍ර අහිමිවන ලකුණු:  මධුර කොළඹින් පෙරමුණ ගනී!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්