මෙලනි ලියනගේ (ජායා -dailymirror.lk)
 
මනුස්සයාගේ ලිංගික දිශානතිය හෝ ලිංගික අනන්‍යතාවය මත පදනම්ව කිසියම් කෙනෙකු ප්‍රතික්ෂේප කිරීම  දේශප්‍රේමය දැයි සමාජ ක්‍රියාකාරිනියක වන මෙලනි ලියනගේ විමසයි. 
 
''අපි මෙරටට ආදරෙයි. අපි හැමෝම කැමතියි ගෞරවනීය විදිහට මෙරටේ ජීවත් වෙන්න . ඒත් ගෞරවනීය විදිහට ජීවත් වෙන්න අපිට මේ සමාජයේ අවස්ථාවක්  තියනවාද ? ''  සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවක් වන මෙලනි ලියනගේ එම කාරණය විමසා සිටියේ, කොළඹ ඩාලි පාරේ 'ෆ්‍රීඩම් හබ්' (Freedom Hub) හි ඊයේ (ජුලි 25) පැවති 'සැබෑ දේශප්‍රේමියෝ' මාධ්‍ය හමුව අමතමිනි.
 
හිටපු අමාත්‍ය මංගලගේ ප්‍රධානත්වයෙන් පැවති එම මාධ්‍ය හමුවේදී ඇය තව දුරටත් මෙසේද පැවසුවාය.
 
''මම සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවක් මම අකැමති දෙයක් තමයි එහෙම මිනිස්සුන්ව label කරන එකට. හැබැයි මට එහෙම වෙන්න වෙලා තියනවා . සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවක් වීම නිසාම මට මගෙ ජීවිතේ ගොඩක් අවස්ථාවන් මගහැරුණා.  මට ලැබෙන්න තියන ගොඩක් අයිතිවාසිකම් මට නැති වුණා. මට අධ්‍යාපනය නැති වුණා. මාව ගෙදරින් ප්‍රතික්ෂේප වුණා.  මොකද අපිව මුලින්ම ප්‍රතික්ෂේප කරන්නෙ ගෙදරින්. 
 
 අපි හැමෝම සමානාත්මතාවය ගැන කතා කරනවා.  ඒත් ලිංගික සුළුතරය ගැන කතා කරන LGBTIQ ප්‍රජාව ගැන නීතිය සමානව ක්‍රියාකරනවද? එයාලට සමාන අයිතිවාසිකම් ලැබෙනවද කියලා බලනවද? කියන එක පිළිබඳව මට ලොකු ගැටලුවක් තිබෙනවා.  
 
රැකියා අවස්ථාවක් ගන්න අපි  ගියාම අපේ ලිංගික දිශානතිය සහ ලිංගික අනන්‍යතාව පදනම් කරගෙන අපිව ඕනතරම් ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. 
 
  
මම අහන්න කැමතියි “මනුස්සයෙක්ගෙ දෙපා අතර තියන ලිංගික අවයවයකට හරි ඒ මනුස්සයා ලිංගිකව ආකර්ෂණය වෙන්නේ කාටද? කියන එක මත හරි කෙනෙක්ට පුලුවන්ද තව කෙනෙක්ගෙ තිබෙන වටිනාකම් ප්‍රශ්න කරන්න? 
 
 
මනුස්සයෙක්ගෙ තිබෙන වටිනාකම්, කොච්චර දුරට ඉගෙනගෙන තියනවාද ? කොයිතරම් දුරට රටට මෙහෙවරක් කරලා තියනවාද? කියන දේවල් පැත්තකට දාලා ඒ මනුස්සයාගේ ලිංගික දිශානතිය හෝ ලිංගික අනන්‍යතාවය මත පදනම් කරගෙන ප්‍රතික්ෂේප කරනවනම් මං අහනවා ඒකද දේශප්‍රේමය කියන්නේ කියලා.  
 
අපි හැමෝම කැමතියි ගෞරවනීය විදිහට ජීවත් වෙන්න . ඒත් ගෞරවනීය විදිහට ජීවත් වෙන්න අපිට මේ සමාජයේ අවස්ථාවක්  තියනවාද . 
 
මම මගේ ජීවිතයේ ගොඩක් කටුක අත්දැකීම් ලබලා තිබෙනවා. සංක්‍රාන්ති ලිංගික සමාජභාවයත් එක්ක සහ ඒ ක්‍රියාවලියත් එක්ක අත්දැකීම්වලට මුහුණ දීපු කෙනෙක් විදියට  මම ඉල්ලන්න කැමතියි අපි මේක වෙනස් කරන්න ඕන. මම කියන්නේ ඉස්සරහට  මම විඳපු දුක් තව කෙනෙක්ට විඳින්න දෙන්න හොඳ නැහැ.'' ඇය පැවසුවාය.
 
 



 
 
THE LEADER TV 
 
 
අගමැති කෞෂිට දුන්න පත්වීමත් රිවස් ! 
 
 
 
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්