ශ්‍රී ලංකාවේ වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති ශාඛ යළි සිටුවිම ගුගල් සිතියම් ගත කිරිමට මෙන්ම යළි පැළ කෙරෙන ප්‍රමාණය සංගණනය කිරීමට ජංගම දුරකථන යෙදවුමක් ධම්මික පෙරේරා එළි දක්වා තිබේ.


කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති 2024 පෘථිවි සමුළුවේදී (Earth Summit 2024) DP Tree Book ජංගම දුරකථන යෙදවුම, ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනමේ සභාපති ධම්මික පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 14 වැනිදා එළිදක්වන ලදී.

ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකාවේ වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති ශාඛ 1496ක් ඇති අතර එම ශාඛ වර්ගවල පැළ කවුරුන් හෝ විසින් යළි සිටුවන්නේ නම් DP Tree Book ජංගම දුරකථන App එක ඔස්සේ එම පැළය ගුගල් සිතියමේ Tag කිරීමට හැකියාව ලැබේ.

ඊට අමතවර එම ශාඛ වර්ග යළි පැළ කෙරෙන ප්‍රමාණය සංගණනය කිරීමටත් සිතියම්ගත කිරීමටත් හැකියාව ද මෙමඟින් හිමිවේ.

"මේ ඇප් එක ඩිවලොප් කරන්න හේතුවුණේ, 2000 සිට 2019 දක්වා කාලය තුළ ගස් ලක්ෂ 5ක් වවලා තියෙනවා මම පුද්ගලිකව. ඒක පොතක ලියලා තියෙන්නේ. ඒකට තමා Tree Book කියලා කිව්වෙ. නමුත් ඇනලොග් විදියට වැඩ කළොත් මටම ඒ ගස් තියෙන විදිහ හොයාගන්න බෑ ඒ පොතෙන්. ඒක නිසා තමයි ඩිජිටල් විදියට මෙහෙම සිස්ටම් එකක් මේ වෙනුවෙන් හැදුවේ. අපේ ගෝල් එක තමයි රටේ ජනතාව හැමෝම එකතු කරගෙන, මේ වඳවීගෙන යන ශාඛ මිලියන 10ක් වවන එක" යැයි ධම්මික පෙරේරා කියා සිටියේය.

මහජනතාව සමග එක්වෙමින් ශ්‍රී ලංකාවේ මෙම වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති ශාඛ වර්ග 1496න් පැළ මිලියන 10ක් සිටුවීම තම අරමුණ බවයි ඔහු අවධාරණය කරන්නේ.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, පරිසරවේදීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මෙම ව්‍යාපෘතිය එළිදක්වනු ලබන්නේ ඔහු ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමට නියමිතව ඇතැයි රාවයක් පැතිරයමින් තිබෙන මොහොතකය. 

(චතුරංග මේදිස්)

dp 3dp 4


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්