රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලට සමගාමීව මාසිකව පැවැත්වෙන රාජ්‍ය සාහිත්‍ය සම්භාෂණ දේශන මාලාවේ දෙවැන්න ඊයේ (21දා) ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.

එහිදී “ශ්‍රි ලාංකේය ඉතිහාස සාහිත්‍යයේ භාව සරාගි ධාරණය” මැයෙන් සාහිත්‍යවේදී සුජිත් අක්කරවත්ත විසින්  සිදුකල දේශනයට අදාල සටහනක් පහත පළවේ.

භාව සරාගීය පිවිසුම

ශ්‍රී ලාංකික ඉතිහාස සාහිත්‍යයෙහි සරාගි භාව ධාරණය දෙස වීමංසාවක යෙදීම අතිශය වැදගත්ය. මන්ද යත් එය භාව සාහිත්‍යයික ප්‍රවේශයක් සේ වටිනා මානයක් මතු කරන බැවිණි. අන් අතකින් ඉතිහාස දහරාව වෙත ප්‍රවේශ කරන මානවීය ආලෝකය වඩාත් ප්‍රබලය. ඉතිහාසකරණය සඳහා වාග් භාවිතාව ලෙස සාහිත්‍යමය තානයක් යොදා ගැනීම ගැන විද්වත් සමාජය අතර උණුහුම් වාද විවාදයන් වේ. ඉතිහාසය සත්‍යයෙන් තොර ප්‍රබන්ධමය ලියවිල්ලක් සේ මතු කර තැබීම‍ට සමහර වියතුන් පෙළඹුනේ මේ නිසාය. එබැවින් පළමුව යෝජනා කරන්නේ ලක් ඉතිහාසයේ සාහිත්‍යය සරාග ධාරණය වෙත හැරීමට ප්‍රථමව වටහා ගත යුත්තක් ඇති බවය. එනම් ඉතිහාස බස ලෙස සාහිත්‍යයමය වාග් වහර භාවිතාවට ගෙන ඇත්තේ මන්ද යන්න පැහැදිලි කර ගැනීමටය. 

 

saraga 2
ඉතිහාසය පුද්ගල වෘත්තීය හෝ වයස් කාණ්ඩයකට සීමා කොට වර්ගීකරණය කර පවත්වා ගත හැකි විෂයක් නොවේ. එය වියත් නොවියත් සේද භේද ගත කළ හැකි නොවේ. එසේම එය අතීත වර්තමාන, අනාගත  කාලච්ඡේදයේ භේදයේද තේමා ගත කොට තැබීමට ද ‍නොහැකිය. මන්ද ඉතිහාසය යනු සජීවි පොදු මානවියන් සියල්ල වෙත තම පුරාවත හා වත්මන අනාගතය එකට මුණගස්වන්නාවූ විෂය නිසාය. එබැවින් මානව භාවයේ පරිකල්පනය තානය වූ සාහිත්‍යමය භාෂාවකින් ඉතිහාසය ලේඛණ ගත කළ යුතුය. ඒ බව  ශ්‍රී ලාංකික ඉතිහාසයේ පූර්ව රචකයන් මනාව වටහා ගත් සත්‍යයකි. එයම ඉතිහාසකරණය පිළිබඳ‍ ලෝකාදර්ශමය භාවිතාවක අනන්‍යතාවය ලංකාවට හිමි වීමට බලපා තිබේ. ‍මේ අනුව භාව භාවිතාවන් සම්‍ය වන ස්ථානය වූ සාහිත්‍යයික රස අනුරූපව ඉතිහාස ග්‍රන්ථ කරණය සිදු විය.

 

වායාම 77: දෙමළ ආලය - ( සුජිත් අක්කරවත්ත)

මෙම නිසාම ඉතිහාසය ගැන සංකා සහගත බැල්මක් විද්‍යාත්මක චිත්තය තුල මතුවිය. සැබවින්ම ඉතිහාසය මානව භාවයන් සමඟ සමපාත විෂයකි. එහි විෂය විහිදීම පවතින්නේ මානව භාව හැඟුම්කරණය සමඟය‍. මන්ද තම පූර්විකයන් ගේ ‍ලෝකයට වර්මානිකයන්ට ඇතුල් විය හැක්කේ ස්ව හෘදයේ රිද්මානූගත දැනීම් හැඟිම් මතමය. ඒ නිසා ශ්‍රී ලංකා ඉතිහාසය විවිධ සරාග රසාලිප්ත මානව භාවයන් හා පෑහේ. එසේ පෑහෙන හැඟීම්කරණය නිසාම ඉතිහාසය අත් නොහැර යාවත්කාලීන සාහිත්‍යයක් සේ පවත්වාගෙනම ඇත්තේය. භාවයන්ම යාවූ ඉතිහාසය ශ්‍රී ලාංකික විලාසයේ දැක්ම වී ඇත. ශ්‍රී ලාංකික ජන රාජ්‍යය, ජාන සම්බන්ධය මෙතරම් ‍‍ඓතිහාසික මූල ගතව ඇත්තේද මේ නිසාමය. 

එබැවින් සාහිත්‍යක ප්‍රබන්ධ කරණයෙහි මනෝරාජික භාවය තුළින් නිපන් සැක සංකාශංෂය ඔස්සේ ඉතිහාසය දෙසට එබී බැලීම ගෝචර නොවේ. සා‍හිත්‍යයක මනෝරාජික බව ඇති කරන්නේ ජීව භාව සංකලනයත් තත් වටපිටාවත් වටහා දෙනු පිණිසමය. එවිට එය මනෝරාජික ප්‍රවේෂයක් නොව ඉතිහාසය මොහොත මත සිදුවන මානව සුසංයෝගයන් වල ස්වභාවය බව වැටහේ. ඒ වැටහීම ඉතිහාස තත් මොහොතින් පියවිව ග්‍රහණය කර ගැනීම හෙළා මානව භාවී කවුළුවක් තනා දේ. මේ අනුව ප්‍රස්තුතය වෙත මා යොමු වීමට අදහස් කරමි. එනම් ශ්‍රී ලාංකික ඉතිහාස සාහිත්‍යකරණයේ සරාග භාව ධාරණය පිළිබඳවය. මේ කුමක්ද?
 
ඉතිහාසයට භාවමය එබී බැලීමක්

 

saraga 89
ඓතිහාසික යුගය බිහිවන්නේ ගෝත්‍රමය පූර්ව ප්‍රාග් ‍ඓතිහාසික යුග කෙලවර කරන සමයේය. මෙම පූර්ව ප්‍රාග් යුගය සහ ප්‍රාග් යුගයේ මානවයා ජීවත් වූයේ අතීත ගෝත්‍රමය භාවිතාවක සාමූහිකත්වය සොයමින්ය. එම සාමූහික බව වඩාත් තහවුරු කලේ සෙනෙහස ආලය පැවත්ම හා ප්‍රමෝදය පිණිස පවතින සරාගය මතය. නමුත් මේ සමඟම ගෝත්‍ර සමඟ සටන ජාන වර්ග වඩා ආරක්ෂාකාරීව ආගන්තුක ජාන වර්ග වලින් වියුක්තව සිටීමට පැවැත්මේ සාධකය ලෙස ගනී. මෙම තත්ත්වය තරණය කරන්නේ වඩා පුළුල් මානව ජන ප්‍රවාහයක් සොයා ගෙන මානව ගමන අරඹමින්ය. ඒ ඒකකත්වයහි සරාග ජීව  භාවය බහුත්වමය ස්වභාවය වෙත ගමන් කරවමිනි. එයම ඉතිහාස යුගය හෙවත් ශිෂ්ඨාචාරමය මානවයා බිහිවීම දක්වා ගමන් කරයි. ඒ අනුව ශ්‍රී ලාංකික වංශ කතා රචක පූර්ව නේත්‍රෘන් මනා කොට මේ සරාග ප්‍රවාහය ඉතිහාස කරණයේදී සාහිත්‍යයිකව ඔප් නංවාලයි. එ‍සේ ඔප් නංවාලන්නේම එය ජීව භාවයේ වටහා ගැනීමට අනාගතයේ මාවතවනම නිසාමය. ඒ අනුව ප්‍රාග් සමාජය ඉතිහාසමය සමාජයක‍ට පෙරලේ. මානවයාගේ විපිළිසරය ලෞකික විමුක්තිමය දැක්මෙන් ලාංකික ඥාණ බුද්ධ පුතුන් මෙතරම් කදිමට සරාග ධාරණය සාහිත්‍යයක චිත්‍රණය කරයි. ඒ බුදු දහම විසින් තනා දුන් ලෞකික දර්ශනය මතමය.

විසිරී තැන තැන තම රුචි මානව ගෝත්‍රයේ සිටියවුන් අතරින් සරාගි ගෘංගාරමය නව පරිකල්පන විහිඳීමක් ලබා ගත් පූර්වගාමීන් වේ. එම පුරෝගාමි ස්ත්‍රී පුරුෂයන් විසින් සරාගමය සෞන්දර්යමය විකසිතව අරඹන මානව ජාන මුහුම්කරණය ලංකා ඉතිහාස සාහිත්‍යය සරාග ධාරණය විවරණයේ කදිම නිරූපණයකි. ඒ සඳහා භාවිත සාහිත්‍යයමය බස උපමා උපමේයන් හා ලලිත ලාලිත ලය මානියය‍. එම බස් වහර සැබවින්ම සාහිත්‍යයික නිර්මාණ පරයන තරම්ය. ඉතිහාස ග්‍රන්ථයක් සාහිත්‍යයමය ග්‍රන්ථයක් තරම් රසකාරක හෘදමානය සංවේදී චිත්තාකර්ෂණයක් බවට පත් කර ඇති අයුරු විමසා බැලිය යුතුය. එය පෙරලා ඓතිසිකත්වය ගලා යාමේ යුග සමයක වටපිටාව වටහා ගනු පිණිස දායක වේ. එමෙන්ම යුග සමයන් අතර අන්තර් බැඳීම සඳහා උඩු‍‍පෙළ අරුත් සහ යටි‍පෙළේ අරුත පහදා ඇති අයුරු ශූරය‍. මානව වංශ එකිනෙකට යා කරමින් සරාගී භාවය විසින් මානව මුහුම්කරණය සිදුවීමෙන් ජාතිය නමැති පොදු ජීව සංකල්පය බිහිවන අයුරු පහදා දේ. 

warrior at rest prasanna weerakkody

 

සැබවින්ම ලාංකික ඉතිහාසකරණය සාහිත්‍යමය සරාග ධාරණය දෙස විද්වතුන්ගේ ඥාණ කලාපය අවධි වී නැති තරම්ය. මන්ද ඉතිහාසය විද්‍යාත්මක මූලිකව සිතන අය එහි සාහිත්‍ය මූලය නොදුටුහ. සාහිත්‍ය මූලයෙන් ඉතිහාසය දුටු අය එය ප්‍රබන්ධකරණයේ ලා සිතුවේය. නමුත් මෙම දෙකෙන්ම මිදී මැදින් බැලිය යුත්තේය. ජීවිතයේ ප්‍රායෝගික දහම ගෙතී ඇත්තේ සරාගය ඔස්සේ විහිදුන ප්‍රමෝදමය භාවය තුලින් නිසාය. එම ප්‍රමෝදය විසින් ඇති කරන පුළුල් මනාව භාව පිබිදීම ඔස්සේ ජාන වංශ වල පුළුල් කරණය හා ගලා යාම ඇති වී ඇති ආකාරය දැකිය හැකිය. ඒ නිසා මම නිබඳව අවධාරණය කරන්නේ ඉතිහාසය වෙනත් දෘෂ්ඨීන්ගෙන් බැලිය හැකි නොවන බවය. එනම් ඉතිහාසය ඉතිහාසය ඔස්සේම බැලිය යුතුය බවය.

ඉතිහාසය ජිවිතය හා සරාගභාව සමපාතය 


ඒ ඉතිහාසය විෂය ගෝත්‍ර මූල, ජාති, ආගමික සහ ප්‍රාදේශිය හා කුල මූල වලින් මැන ගැනීමෙන් නතර නොවී එය විද්‍යාවෙන් ගණිතමය තර්කයෙන් දේශපාලනයෙන් කොටුකර ගනී. නමුත් ඉතිහාසය නිර්මාණය වන්නේ පොදු මානව භාවය වූ සරාගය නම් මූලය වටාය. ලංකා ඉතිහාසයේ සාහිත්‍යමය සරාග ධාරණය ලෙස මතු කිරීමට යෝජනා කරන්නේ මෙම මාහැඟි පොදු මනුෂය භාවය රිද්මයය.

 

වායාම - Results from #15

බුදු දහම විසින් ලෞකිකත්වයට ලබා දුන් විසිතුරු ඉඩ නම් ලොව්තුරු සුවයයි. බුදුන් වහන්‍‍සේ වදාහළ ලොව්තුරු ලොව සාක්ෂාත් කර ගැනීම‍‍‍ට මාවත ඇත්තේ ලෞකික කාමභෝගියෙකුටය. මෙම දහම් පදනම නිසා නිර්මාණවාදී දේව සංකල්පයෙන් මිදී මනුෂ්‍යාට මනුෂ්‍යන් ලෙසට ජීවනය ලැබිණි. එම ජීව දැකීමට මානව මනස යා වූයේ බුදු දහම සමඟය. එය ලාංකික ජාතිය සජීවි කළේද එබැවිනි. එම විවරණය නිසාම ශ්‍රී ලාංකික ඉතිහාසය සරාගී සාහිත්යිකව ධාරණය වූයේය.

මේ කරුණ ඔප් නංවන ඓතිහාසික රචනාවන් වෙත දැන් හැරීම උචිතය. ඒ අනුව දීපවංශය සහ මහාවංශය යන ශේෂව ඇති පැරණිතම කෘති දෙක පාදක කරමින් කතිකාව පෙරට රැගෙන යමි. මේ කෘති දෙකම විසින් සනාථව ඇති කරුණක් වන්නේය. එනම් මෙම කෘති සඳහා මූලාශ්‍ර වූ පූර්ව ඉතිහාස මූලාශ්‍ර පැවති බවය. එසේනම් “මහාවංශය” හා “දීපවංශයට” වඩා ඉපැරණි ඉතිහාස ග්‍රන්ථ පැවති බව පැහැදිලිය. ඒ අනුව සරාගි සාහිත්‍යයේ ඉතිහාසය ධාරණය සඳහා එම මුල් කෘති ඔස්සේම ප්‍රභවයන් ලැබෙන්නට ඇති බවට සැක නැත. දැනට ශේෂමානව ඇති පැරණිම කෘති වන දීපවංශය හා මහාවංශය ග්‍රන්ථ ද්විත්ව ගෙන හැර පාන සරාගි සාහිත්‍යයික ධාරණය අතර වඩා ප්‍රකට කරන මතු කිරීම් මෙසේ කෙටියෙන් දැක්විය හැකිය‍.

වංශ ජාන ජාතිය හා සරාගය 

 

f729dab3ec8397997911e042619b99a3

ගෞතම තථාගතයන් වහන්සේගේ ජීවන සිරිත ඉදිරිපත් කිරීම සඳහා භාවිතා කර ඇති උන්වහන්සේගේ ජාන වංශ සමග බැඳි තතු විස්තරය. මෙකී සවිස්තරය පාදක කර ගනිමින් රචකයන් හුදී ජනයාගේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරන වංශ සවිස්තර රසාලිප්ත ඓතිහාසික රූපාවලින් මවන සරාගි අන්දරයකින් යුක්තය. එහි සඳහන් වන ශාක්‍යන්ගේ හා කෝලියන්ගේ වංශ අන්දරයට බැඳෙන ජාන පුවත් වලදී මෙම වංශ වල ඉතිහාසය පැතිරීම ගෙනවිත් ඇත්තේය. ඒ සාහිත්‍යයික කතා රස මාලාවක් සේය. එම කතාරස මාලාව තුළින් භාව සරාගමය බන්ධනය, ඉතිහාසය ගොඩනැඟීම හෙළා බලපාන අයුරු පෙන්වයි. කෝලිය වංශය මෙන්ම ශාක්‍ය වංශය වඩා උත්තරීතර වංශයක් සේ නැඟවිත් මානව සමාජ දේහයේ වංශවතුන් වන ආකාරය නිරීක්ෂකව මෙතුවක් ප්‍රකට මතු කිරීමක් සේ ගෙන නැත. 

මහාවංශය රචක මහානාම හාමුදුරුවන් මෙහිදී වඩාත් තීව්ර ලෙස මෙම කරුණ ගොනු කරන්නේ මහාවංශයහි “මහා සම්මත වංශෙ පරපුර” ගැන පරිච්ඡේදය ඔස්සේය. ලංකා ඉතිහාස සාහිත්‍යකරණයහි සරාග ධාරණය පිළිබඳ අවබෝධමය වීමංසාවක් සඳහා මෙවන් අගනා මානව භාව ශෲංගාරාත්මක ප්‍රවේෂ අදාල කර නොගනී. එය නූතන පර්යේෂකයන්ගේ දුර්වලතාව පෙන්වයි. අනෙක් අතට එම නොතකා හැරීම ඉතිහාස අධ්‍යයනය පොදු මානව සංවේදනා වලින් බැහැර ගමන් කිරීමට තුඩු දේ. එමෙන්ම ඉතිහාසය හුදු ආවේගමය අධානාග්‍රාහි වර්ගවාදී පටුත්වයකට ඇද වැටීමට මුල් වී ඇති වග කිව යුතුය.

දීප වංශයෙන් මහාවංශයට

 

saraga 6
දෙවනුව සරාගි ධාරණ සාහිත්‍යයික ඉතිහාසකරණය විෂයෙහි වඩාත් සමීපතම සංසිද්ධීන් හමුවන්ගේ මහාවංශය හත්වන පරිච්ඡේදයේ සිටය. ඒ “මහාවංශය” නමින් මහානාම හිමියන් නාමකරණය කරන ලාංකික ජාන ජන එකතුව හදුන්වාදීමේදීය. වෙසෙසින්ම විජය කුමරුගේ හා කුවේණියගේ සම්භෝග රමණ රාත්‍රිය විචිත්‍රමය භාව ප්‍රබෝධමය හැඟීම් සහිත උන්වහන්සේ වාග් චිත්‍රණයට නඟා ඇත. එමෙන්ම එය විහිදන්නේ තවදුරටත් “සත්සීයයක් සිංහයන්” නමින් පැමිණි උත්තර භාරතීය බහුවිධ යෞවන මුසුවේසී හැඟීම් හා සරාග බැඳීම් සමඟ සම්බන්ධ කරමින්ය. ඒ ඔස්සේ ජීවිතේ පොදු ධර්මතාව කියා දෙමින්ය. එමෙන්ම වර්තමානිකයන්ට එම යුගයට ගොස් එම මොහොත තත් ස්වරූපයෙන් වටහා දෙමින්ය.

 

saraga 70

මනුස්ස හෘදයේ අගිස්සටම බැඳුණු රාග බන්ධනයන් තුළින් ජාතික ඉතිහාසය සවිස්තර කථාවක බහාලයි. මේ ශූර සාහිත්‍යයික ඉතිහාස සරාග ධාරණය විසින් පොදු මහ මානව ගුණාංගයේ නිත්‍ය මොහොතද ප්‍රක්ෂේපණය කරයි. එය ඉන් නොමැතිව දිගුව ගමන් කරන්නේ “ශාක්‍යාගමනය” නමින් ශ්‍රී ලාංකික ජාන සුසැඳිය වූ සිංහලත්වයේ උපතට ශාක්‍ය ශුක්‍ර ධාතුව හා ඩිම්බාණුව යා වෙන පරිද්ඡේදය සමඟය. ශාක්‍ය වංශයේ වංශවතුන් ලංකාව තරණය කරන්නේ භද්දකච්චායනා කුමරිය සමඟය. ඒ ඇගේ සොයුරන් සත්දෙනෙකු සමඟය. මේ ශාක්‍ය වංශාගමනය ශ්‍රී ලාංකික ඉතිහාසයේ මුල් සමඟ මුහුවන සම්භෝභ ආල රාග සරාග අන්දරය ඔස්සේ ඉතිහාසය රචනා කරමින් යලි ඉතිහාසයක සාහිත්‍යය සරාගය පෙරට රැගෙන යයි. එය තවත් පෘථුල වන්නේ ඒ හා බැ‍ඳන ස්වදේශිය යක්ඛ නාග දේව රකුස් ජන වර්ග එකිනෙක බැඳෙන ජීව ලාලවන්නේ උතුරාලන සරාගීත්වය මොහොතද සමඟය.

භාව සරාග හා ජාන සුසැදිය 

මේ අනුව මහාවංශය පාදක කර ගනිමින් මෙම සරාග ධාරණය ගැන නිදසුන් කීපයක් ගෙනහැර පාමි. එමඟින් මෙම තේමාව වඩාත් ගැඹුරට වටහා ගැනීමට මඟ පාදමි. මෙම මහාවංශය පද පාලියෙන් සිංහලයට නගා ගත් විට සරාගය ඉතිහාසීය සාහිත්‍යකරණයේ පදනම ලෙස භාවිත කර ඇති අපූරුව විශද වනු ඇත.

 

“සා තං දිසවා සරිත්‍වාන නෙමිතතවචනං සුතං
අභීතා ත සස අඬගානි රඤජයනතී පරාමසි” (මහාවංශය 7 පරිච්ඡේදය 7 ගීය)

(සිසීමා 'සිංහ' ගේ පුරුෂ නිමිත්ත පිරිමදින්නට වූවා ය. කෝමල දැඟිලි තුඩු පහසින් 'සිංහ' පුරුෂත්වය තේජෝ බලයෙන් පිපිද අවදි වන්නේ ය.)
 

සිංහලයෝ හා පූර්වයෝ - (මහාචාර්ය නලින් ද සිල්වා)


“භචචා තෙ සාධසිත්‍වාන භතතානි ව්‍යඤජනානි ච
රාජපුතතං භොජයිත්‍වා සබෙබ චාපි අභූඤජි සුං” (මහාවංශය 7 පරිච්ඡේදය 25 ගීය)

(මේ අමුතුම ස්ත්‍රී රුවේ අසිරියෙන් විජය සිංහ ද මඳින් මඳ කාම සරාගී වේ. ඒ දැකුම්කළු දෙතන සඳ වතුරේ දිලිහේ. ගස් වැල් සඳ එළියේ නැහැවේ. තැන තැන නැවතුන සුදු වලාකුළු සඳහ පහන් රැයට අහස සිතුවම් කරයි. විජය නීල නුවන් නීල දෙනෙතින් ඈ හා හිනැහුණේ ය. කීන කිඳුරු දෙයැස විහිදා සරා ඇසින් ඇය ආල නුරා දිය සැලුවේය. සඳ විත් වලාකුළු යහනක වැතුරුණේ ය. විජය තම මවුරටින් ගෙනා එක ම වස්තුව සළු පට ගැටයෙන් කුවණ්ණාට කැව්වේ ය. රස රහස් බොජුන වළඳා කුවණ්ණා ළඳ බොළඳ වී දහසය වස් කෙලිත්තියක සේ වියරු වැටුණා ය. සරාගයෙන් ඇය පිනා ගියා ය.)
 
“රාජපුතතමූපාගඤජී සබබාභරණභූසිතා
මාපෙසි රුකඛමුලසමීං සයනං ච මහාරහං” (මහාවංශය 7 පරිච්ඡේදය 26, 27 ගීය)

(තිරයෙන් වැසූ රුක් කුටියේ ඈ වියමින් හුන් රන් සළුව ඇතුරුවා ය. විල් තෙරෙන් පස් පියුම් නෙලා මල් පෙති රේණු මකරන් දයෙන් යහන සරසාලුවා ය. ඇය කුමරුට වඩින්න යහන එලුවාය. ඇයවිත් ඔහු පපුවේ වැතුරුණාය.)
 
“සාණියා සුපරිකඛිතතං විතානසමලඬකතං
තං දිසවා රාජතනයො පෙකඛං අත්‍ථමනාගතං” (මහාවංශය 7 පරිච්ඡේදය 28 ගීය)


(සඳ එළිය විනිවිදව තිර සළුවෙන් රන් සළු යහනේ සරාගයේ අසිරි දසුන් පෙනෙයි. සිංහ රජාණෝ සිහින බිමේ රාජණිය හා කම් සුවයේ ඈත අනන්තයට කිමිද යති. බිය තුරන්ව සිත් සතුටින් සත්සීයක් සිංහයෝ එදෙස බලා සිටියෝය.)
 
ආශ්‍රිත ග්‍රන්ථ:
1. මහාවංශය -  සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව 1982
2. දීපවංශය   -  නැදිමාප බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය 2004
 
පාද සටහන් :
1. මහාවංශය 7 පරිච්ඡේදය 7 ගීය
2. මහාවංශය 7 පරිච්ඡේදය 25 ගීය
3. මහාවංශය 7 පරිච්ඡේදය 26,27 ගීය
4. මහාවංශය 7 පරිච්ඡේදය 28 ගීය

චෝරනාග - (වායාම 43 - සුජිත් අක්කරවත්ත)(සුජිත් අක්කරවත්ත)
ඉතිහාසඥ/ සාහිත්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්