13 වන ව්‍යවස්ථා සංශෝදනය ගැන හැමෝම කතා වෙද්දී ඒ ගැන වෙනම කතාබහක් ඊයේ ITN තුලාවේ ගියා.
එතැනදී මතුවෙච්ච කතාබහ ඇතුලේ තිබුනෙම මේ ප්‍රශ්නේ මේ වෙලාවේ විසඳා ගන්න ඕනි කියන එක. සහ මේ වෙනකොටත් ව්‍යස්ථාවට ඇතුලත් කරලා තියන දෙයක් ක්‍රියාත්මක කරන්න මෙච්චර වද වෙන්නේ ඇයි කියන එක.
අනික මේ නිසා රට බෙදිලත් නැත්නම්, භෞමික අඛන්ඩතාවට ප්‍රශ්නයක් වෙලත් නැත්නම්, මේක තමයි වඩාත්ම ප්‍රයෝගික විසඳුම කියන එක.
අනන්‍යතා ප්‍රශ්න විසඳා ගන්නේ නැතුව රටකට අනාගතයක් නැහැ කියන ලී ක්වාන් යූ විශ්වාස කළා වගේ අපිත් අනාගතයක් ඕනිනම් මෙතනින් ගොඩ එන්න වෙනවා කියන එක මේ සාකච්චාවේදී මතුවුණා.
මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා, ආචාර්ය අතුලසිරි සමරකෝන්, ආචාර්ය නිම්මි නාලිකා මැණිකේ සහ මහේෂ් හපුගොඩ මේ සාකච්චාව සඳහා සහභාගී වී සිටියා.