මම ඊයේ පේරාදෙණිය කැම්පස් එක බලන්න ගිය මිනිස්සු සම්බන්දයෙන් ලිව්ව පෝස්ට් එකේ

හෙඩිම උණේ උඹලගේ ජිවිතත් අපේ ජීවිත වගේම කුණුවෙනවා කියන එක. ඇත්තටම අපි කාටවත් මේ පොළොවේ ජීවිතයක් නැහැ කියන එක. ඒක ඔය කියන ප්‍රභූන්ටත් නැහැ අපි වගේ සිපයියන්ටත් නැහැ.

අපි කාටවත් අපේ ජීවිතයේ ඇත්ත හැඟීම් (feelings) සහ සංවේදනයන් (sensations) එක්ක ගලායන ජීවිතයක් ගොඩනගා ගන්න ඕනි මතවාදී සහ භෞතික පරිසරය හදාගන්න හැකියාවක්වත්, ඊට අවශ්‍ය පසුබිමවත් වෙනුවෙන් වන ඇත්ත අරගලයක් සිදුඋනේ නැහැ. විශේෂයෙන් ලෞකික සහ ලිංගික ජීවිතය ලාංකික පොළොව ඇතුලේ ඇත්තටම කුණුඋණා.

ලාංකික පොළොවේ සිදුවූ සියළු අරගල වල, ලේ වැගිරීම් ඇතුලේ මේ අපේක්ෂාභංග කුණුවීම යහමින් දකින්න තිබුණ.

ලිබරල් පසුබිම් තිබ්බ කියල ලංකාවේ නායක කාරකාදින් වෙච්ච හැමෝම මේ කුණුවීම එක්ක පොර බැදුවා. හැබැයි ලංකාවේ සාම්ප්‍රදායික සමාජයෙන් සහ ඒ මතවාදයෙන් එන්න නියමිත පීඩනය එක්ක එයාල එයාලට කරන්න ඕනි වෙච්ච දේවල් පවා ආපස්සට ගත්ත.



මම ඒකට දකින හේතුව පටන් ගන්නේ ''1978 නො-අවසන් ව්‍යාපෘතිය'' එක්ක (1978 as an unfinished project). ඇයි 1978? ඒකට හේතුව තමයි බටහිර සිද්ද වෙච්ච සමාජ ආර්ථික සංස්කෘතික මතවාදීමය වෙනස්කම් මහා ප්‍රවාහයක් වගේ ලංකාවේ සමාජයට කඩා වදින්නේ 1978 මංසන්ධියේ හින්ද. මෙච්චර කල් ඇතැම් දේවල් සිදුවෙමින් තිබ්බ උණත් මේ මහා ප්‍රවාහය එක්ක ලංකාවේ ජීවිතය ගොඩක් වෙනස් උණා විතරක් නෙවෙයි වෙනස් කරගන්න ඒ ක්‍රමය බලකළා. විශේෂයෙන් ප්‍රාග්ධනයේ ආගමනය. සහ ඒ ආගමනය වෙනුවෙන් රාජ්‍යයක් හැටියට කරපු ආරාධනය.



ලංකාවේ මිනිස්සු රොද බැඳගෙන ඔය බලන්න යන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘතික මතවාදය තිබ්බේ මේ වෙමින් යන සමාජ සංස්කෘතික ප්‍රවාහයට සතුරු විදියට. ලෝකයේ සියලු රටවල් තමන්ගේ රටවල් ප්‍රාග්ධන ගෝලීයකරණයේ වෙනස්කම් එක්ක අත්වැල් බැඳ ගන්නකොට ''උගත්'' කියල කියපු මිනිස්සු පට්ට ගල් යුගයේ අදහස් ගෙනල්ල ඒක අල කරන්න උත්සාහ කළා. වමේ ව්‍යාපාරයත් ඒ එක්ක හිටගත්ත. අන්තිමට ඇත්ත ජාතිකවාදයත් නොවන මොකක්දෝ විකෘතියක සෙවණැල්ලක් මේ පොළොව මත ඇදවැටුණා.

තමන්ගේ ඇත්ත ආශාව සහ ජීවිතය එක්ක ගත්තම අහසට පොළොව වගේ වෙනස් අදහස් ප්‍රමාණයක් වෙනුවෙන් බොරුවට කෑගහන මිනිස්සු පිරිසක්ගෙන් ලංකාවේ මහපොළොව පිරිලා ගියා. තමන්ගේ ශරීරය ඉල්ලන දෙය සහ මනස සිතන දෙය අතරේ නො-සමහන් පැල්මක් ඇතිවුණා. ජීවිතයේ ඇත්තම ඇත්ත රහසිගත උණා. අතෘප්තිමත් උණා. පැවැත්ම විපරීත උනා. ජීවිතය අතෘප්තිමත් නිසා මිනිස්සු කුහකයෝ උණා. දෙබිඩ්ඩෝ උණා. ආතතිගත උණා. ප්‍රචණ්ඩ උණා. හැම ජීවිතයක්ම ඇතුළට කඩාවැටුණා. ඇතුළට පුපුරලා ගියා.



ආගම කියන දේ නූතනකරණය උනේ නැහැ. සංස්කෘතිය කියන දේ වෙනස් උනේ නැහැ. විවාහය කියන දේ වෙනස් උනේ නැහැ. අධ්‍යාපනය කියන දේ වෙනස් උනේ නැහැ. පවුල කියන එක ප්‍රතිව්‍යුහගත උණේ නැහැ. ජීවිතය අලුත් කරගන්න විදියක් ගැන සමාජ කතිකාවක් තිබ්බේ නැහැ. ප්‍රාග්ධනය අපේ ජීවිතවල‍ට කඩා වැදුනට අපේ ජිවිත වෙනස්කරන්න මහා ව්‍යාපෘතියක නෛතිකකරනය (legitimacy of a mega project) තිබ්බේ නැහැ.


සරල උදාහරණයක් විදියට විවෘත ආර්ථිකයෙන් පස්සේ වෙන්නප්පුව පැත්තෙන් ඉතාලි ගිය අය ලාංකික විවාහය එක්ක කොච්චර අරගල කළා ද කියන එක වෙනුවෙන් දුක හිතෙන ප්‍රත්‍යෙක අධ්‍යයන කෙරිලා තියනවා. අනික් අයත් එහෙම තමයි.

ලංකාවේ නීතිය සමාජ වෙනස්කම් එක්ක වෙනස් උනේ නැති නිසා මිනිස්සු මොකක් හරි හිලක් හොයාගෙන ඒකෙන් පැනල යන්න පුද්ගලික උත්සාහයක් ගත්ත. ක්‍රමය එහෙමම තිබ්බ. ක්‍රමයට එරෙහිව ගහපු පැරණි ආකෘතියේ කැරළිත් ක්‍රමය විසින්ම චප්ප කරලා දැම්මා.

ආදරය කියන එක හැම ජීවිතයක් ඇතුලෙම නැත්තටම නැතුව ගියා.

මාගල්කන්දේ සුදත්තල හිටගත්තේ මානව නිදහස පැත්තේ, මානව ආදරය, මෛත්‍රිය පැත්තේ නොවීම මම තේරුම් ගන්නේ ඒ විදියට. මාගල්කන්දේ සුදත්තගේ දායකයෝ මම තේරුම් ගන්නෙත් ඒ විදියට.

නිකම් හැරිලා බලපල්ලා කුණුවිමක මහත....ව්‍යාපෘතියක් ෆේල් උනාම සමාජයකට වෙන දේ... 

 
Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)





සබැඳි ලිපි:

අපිත් උඹල වගේම කුණුවෙනවා බං....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

මාගල්කන්දේ #හෑයියා - (චින්තන ධර්මදාස)

 

  

JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්