බටහිර මේ දවස්වල තියන උපරිම අවුල් කියල හිතන්න පුළුවන්, ප්‍රසිද්ධ ස්ථානවල අඩ නිරුවතින් හැසිරීම සහ ආදරය කිරීම ගැන වඩාත් ආන්දෝලනාත්මක එග්සාම්පල් එකක් තමයි කෙන්යේ වෙස්ට් සහ එයාගේ අලුත් වයිෆ් බියන්කා. 

උන් දෙන්න යන යන හැම තැනම වගේ මේ දවස්වල තියෙන්නේ හිට් වෙන ප්‍රවෘත්ති.

ඇත්තටම උන් දෙන්නට ගලවන්න සිප් එකක් නැහැ. එන්නේ යන්නේම සිප් නැතුව. යුරෝපයේ විදීවල දරුවෝ වැඩිහිටියෝ පොලිස්කාරයෝ වගේ හැම කෙනෙක්ම වගේ බලාන ඉන්නවා. හැබැයි මහලොකුවට මුකුත් කරන්නේ නැහැ. 
0 PAY MAIN Kanye West and his new wife get cosy as they enjoy a lunch date in LA.jpg
අපි බටහිර වගේ වෙන්න ඕනි නැහැ. අපි කෙන්යේ හෝ බියන්කා වෙන්න ඕනිත් නැහැ.

හැබැයි ලෝකයේ මිනිස්සු මිනිස් නිදහස ගැන නොයෙක් නොයෙක් ආකෘති අත්හදා බලමින් ඉන්නවා. LGBT+ වල ඉඳන් බොහෝ දේවල් දක්වා. 

ඒවා ඔක්කොම හරිද වැරදිද කියල කියනවට වඩා කියන්න තියෙන්නේ ඒ හැම ජීවිතයකටම පොලිසිය කඩා පනින්නේ නැහැ කියන එක. එයාල ජීවත් වෙන්නේ පොලිසියෙන් දෙන ෆෝම් පුරවල නෙවෙයි.

තේරුම් ගන්න ඕනි දේ තමයි අපි දැන් ජීවත් වෙන්නේ ගෝලීය ලෝකෙක කියන එක. පොල්කට්ටක් අස්සේ නෙවෙයි. 

මොනවා හෝ මිනිස් ගතිකයක් ගැන, මිනිසුන් ආගමෙන්, රාජ්‍යයෙන්, පොලිසියෙන් මිදිලා දිනාගත්ත මොනවා හරි නිදහසක් ගැන, වැලන්ටයින් පියතුමාල ජීවිතය දීල මිනිස් සංහතිය වෙනුවෙන් දින්ගත්ත මොනවා හරි දෙයක් ආපසු හැරවෙන අපි අපේ ජීවිතවල අත්දකින අඳුරුම යුගයක් මේක. 

අපිට අපේ පරම්පරාවට ආව සියලු මර්ධනයන් එක්කත් මීට වඩා යම් නිදහසක් තිබ්බ. හැබැයි දැන් ඒකත් නැහැ.

මේ රාජ්‍යයක් විසින් මිනිස් නිදහසට සහ පැවැත්මට කරන නරකම මැදිහත්වීමක්.

AKD : ජාතික දේශපාලනයේ අනුරාගමනය... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


පෙම් කෙලින්න දරුවන්ට කාමර දීලා - පොලිසියෙන් චෝදනා 

image 9f2ae6a09a
හෝමාගම පෞද්ගලික ආයතනයකට අයත් උද්‍යානයක ආවරණය කළ කුඩා කාමර තුල බාලවයස්කාර දරුවන් ලිංගික කටයුතු සිදු කරන බවට ලද පැමිණිලි මත එම ස්ථානය ඊයේ (24) දින වැටලූ බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

ඒ අනුව අදාල වැටලීමේදී අදාල කුටි තුල සිටි තරුණ ජෝඩු 24 ක් හමු වූ බවත් වටලන අවස්ථාවේදී බොහොමයක් ජෝඩු එහි සිටි බැවින් එම සියලු දෙනා කැදවා එම දරුවන්ට කරැණු පැහැදිලි කර දී උපදෙස් ලබා දීමෙන් පසු අදාල දැරියන්ගේ භාරකරුවන් වෙත දුරකතන ඇමතුම් ලබා දී මුදා හැරීමට කටයුතු කල බවත් පොලිසිය පවසයි.

තම දරුවන් සමග අදාල උද්‍යානයට යාමේදී පාසල් වයසේ දරුවන් වැනි දරුවන් අදාල ආවරණය කළ කුඩා කාමරතුල නොහොබිනා අයුරින් සිටන බැවින් මේ සදහා පියවරක් ගන්නා ලෙස ප්‍රදේශයේ දෙමාපියන් ආගමික නායකයන් සහ බුද්ධි අංශ මගින් සිදුකල පැමිණිලි මත හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා ගත් සෝදිසි කිරීමේ නියෝගයක් මත මෙම වැටලීම සිදුකල බවද පොලිසිය පවසයි.

එම ස්ථානයේ සිටි බොහෝ දරුවන් උපකාරක පන්තිවලට සහභාගි වන බව පවසමින් එම ස්ථානයට පැමිණ ඇතැයි එහිදී අනාවරණය වු බව ද පොලිසිය පවසයි.

වැටලීම සිදුකළ අවස්ථාවේදී එම උද්‍යානයේ හිමිකරු පැමිණ පොලිස් නිලධාරීන් සමග උණුසුම් කතාබහක් ඇති වු අතර මේ හේතුවෙන් කලබලකාරී තත්ත්වයක් හටගෙන තිබිණ. 

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්