පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකු විසින් පන්දු 137කදී ලකුණු 260ක් රැස්කිරීමට සමත්ව තිබේ.
මෙම දක්ෂතාව දක්වා ඇත්තේ මිනුවන්ගොඩ නාලන්ද පිරිමි විද්‍යාලයේ කවීෂ මනෝජ් විසිනි.
ඔහු මෙම ලකුණු සංඛ්‍යාව රැස්කර ඇත්තේ 2023 වයස අවුරුදු 15න පහළ Division 3 ක්‍රිකට් තරගාවලිය යටතේ පැවති තරගයකදීය.
පන්දු 137කදී හතරේ පහර 49ක් සහ හයේ පහර 5ක් සමගින් කවීෂ මෙම ලකුණු 260 රැස්කර ඇත.
පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවතියේ පිළියන්දල මාම්පේ ධර්මපාල මහා විද්‍යාල කණ්ඩායමට එරෙහිවය.
(aruna.lk)