වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා සත් පුද්ගල අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ කටයුතු කර ඇතැයි
ජනාධිපතිවරයා දැනුවත් වී ඇත්තේ අද උදැසන ලැබුන හිරු SMS පණිවිඩයකින් බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.
ක්‍රිකට් වැනි ආයතනයකට අතුරු කමිටුවක් පත් කිරීමේදි සාමන්‍යයෙන් ජනාධිපතිවරයා දැනුම්වත් කරනමුත් මෙවර ක්‍රිඩා ඇමතිවරයා මේ කාරණය ගැන ජනාධිපතිවරයා දැනුම්වත් කර නොමැති බව එම ආරංචිමාර්ග කියා සිටියි.
එසේම අතුරු කමිටුවක් පත් කිරීම ගැන අද (06) සවස පැවැත්වෙන ඇමති මණ්ඩල හමුවේ දි ක්‍රිඩා ඇමතිවරයාගෙන් විමසා සිටීමට ඇමතිවරු කිහිප දෙනෙකු සුදානමින් සිටින බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
1973 අංක 25 දරණ ක්‍රීඩා පනත ප්‍රකාරව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත පැවරී බලතල අනුව අතුරු කමිටුවක් පත් කරමින් අමාත්‍යවරයා ගැසට් නිවේදනයක් නිකුත්කළ බව ක්‍රීඩා අමාත්‍යංශය අද උදැසන නිවේදනය කර තිබිණ.
එම ගැසට් නිවේදනය මගින්, මෙම අතුරු කමිටුවේ සභාපති ලෙස, අර්ජුණ රණතුංග පත්කර ඇති අතර එහි සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්.අයි. ඉමාම්, රෝහිණී මාරසිංහ සහ විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු අයිරාංගණී පෙරේරා, උපාලි ධර්මදාස, රඛිත රාජපක්ෂ සහ හිෂාම් ජමාල්ඩීන් යන අය පත් කර ඇත.
ඒ අනුව මෙම නව අතුරු කමිටුව පත් කිරීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් පාලක මණ්ඩලයේ කටයුතු අත්හිටවනු තිබේ.
නව අතුරු කමිටුව පත් කිරීම සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, මෙම ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත්ව ඇත්තේ අද (06) උදැසන බවයි.
අලුතින් කමිටුවට පත්කර ඇති නිලධාරීන් කිසිවකු සම්බන්ධයෙන් හෝ ඇමතිවරයා විසින් ජනාධිපතිවරයා දැනුවත්කර නැතැයි පැවසු එම නිලධාරියා, ක්‍රීඩා ඇමතිවරයාව දුරකතනයෙන් සම්බන්ධකර ගැනීමට ජනාධිපතිවරයා දැරූ උත්සාහය අසාර්ථක වී ඇතැයි ද කියා සිටියේය.
ඒ අතර ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සහ ආරක්ෂක කටයුතු සම්බන්ධ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක සම්බන්ධයෙන්, ක්‍රීඩා ඇමතිවරයා විසින් පත්කළ ක්‍රිකට් සභාපති අර්ජුන රණතුංග විසින් යු ටියුබ් නාලිකාවකට ඊයේ දිනයේ සිදුකර ඇති ප්‍රකාශය පිළිබඳව ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.
සබැඳි පුවත් :