මිනිසුන්ගේ එදිනෙදා ප්‍රශ්න මතුවෙන හැම අවස්ථාවකදීම, ඒ ප්‍රශ්න යටගහගෙන ශෝෂල් මිඩියා වලින්, එක එක විදියේ චරිත මතුවෙනවා. ක්‍රිකට් ටීම් එක  කුල්ල කුජිත වෙද්දී මතුවුනේ, ජයන්ත ධර්මදසයි -ශලනි තාරකායි

 ඕස්ට්‍රේලියා ගිය කියන කතාවක්.

ඇත්ත බොරු මොනවා වුනත් අපේ මිනිස්සු ඒ කතා සැහෙන්න එන්ජෝයි කරනවා. ඒ නිව්ස් වයිරල් වෙනවා.

ඔන්න ඊයේ පෙරේදා තවත් චරිතයක් මතුවුනා.  දැන් මාස ගානක ඉඳල ඉන්දල මෙයාගේ නම අරහෙන් මෙහෙන් කැරකුනාට හරියටම එලියට අවේ නැ . පහුගිය කලේ එයා ගැන එක එක කතා ගියා.  '' බුබායිවලින් ඇවිත් සල්ලි විසිකරන චරිතයක් බැහැලා  .  දේශපාලනඥයෝ, කලාකාරයෝ , සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෝ, පොලිසියේ ලොකු ලොක්කෝ , මිඩියා කාරයෝ ඔය හැත්ත බුරුත්තම සල්ලි වලට අරගෙන ලු. ඊළඟ ජනාධිපතිවරණයටත්  එන්න ලු හදන්නේ.

ආරංචි හැටියට පොර සේරම ගේම් දෙන්නේ සංගීතෙන් . ඒ කියන්නේ එක දිගට ආසනෙන් ආසනේට, මෙඝා සයිස් මියුසිකල් ෂෝ තියනවා. ඒ පැතිවල  ඉන්න සංගීත කණ්ඩායම් සේරමටම ලක්ෂ ගනන්දීලා  ගන්නවා. සංගීතෙට එන දහස් ගණන් මිනිස්සුන්ට  දන්සලක් දාල එළිවෙනතුරු කන්න බොන්න දෙනවා. පොලිසියේ අයට වෙනම VIP  දන්සලක් දෙනවා ..  මියුසිකල් ෂෝ එකට ඉස්සෙල්ලා , අදාල ගමට ගිහින් ඒ පැත්තේ මිනිස්සුන්ගේ පොදු වැඩකට, ලක්ෂ ගණනින් මුදල්දීලා, ඒ පැත්තේ මිනිස්සු ටික අල්ලගන්නවා . ඒ විතරක් නෙමෙයි ඔය ෂෝ වලට එන  කලාකරුවන්ට, ලොකු ගණන් ගෙවනවා. සමහරු එක්කගෙන යන්නේ එයාගෙම හෙලිකොප්ටර් වල.

සාමාන්‍යයෙන් පොලිසිය සංගීත සංදර්ශන වලට අවසර දෙන්නේ වැඩිම වුනොත් රෑ 10 -12 වෙනතුරු විතරයි. ඒ වුනාට මොකද හවස 6ට - 7ට පටන් ගන්න මෙයාගේ මියුසිකල් ෂෝ ඉවරවෙන්නේ පහුවදා 4ට - 5ට . සමහර තැන්වලදී පොලිසියත් එක්ක වලි දාගෙන තියන්නේ ඔය පොලිස් පර්මිට් එකේ තියන වෙලාවට වඩා ෂෝ එක කරන්න ගිහින්.


 කව්ද මේ චරිතේ කියලා හැමෝම  වගේ හොයන්න පටන් අරන්. හැබැයි ''කව්ද මේ , මොනවද කරන්නේ '' කියල රටටම  අනාවරණේ වුනේ රාජාංගනේදී, ඒ පොලිසියේ  ස්ථානාධිපතිට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීමත් එක්කයි. පොලිසියේ OIC කෙනෙකුට මරණ තර්ජනේ කරලත් මිහිහව අත්අඩංගුවට ගන්න පොලිසිය බයවෙලා. හිතාගන්න පුළුවන්නේ මිනිහට තියන බලේ තරම. මෙච්චර පාරම්බබා කිව්වේ වෙනින් කව්රුවත් ගැන නෙමෙයි..  'අවුරා ලංකා' කියන සමාගම් සමූහයේ සභාපති ,  කෝටිපති ව්‍යාපාරික නන්දික විරංජිත් තාඹුගල ගැන.

මිනිහා ප්‍රකෝටිපතියෙක් .. එයාටම කියලා  හැම ෆීල්ඩ් එකකම වගේ සමාගම් සෑහෙන්න  තියනවා. හෙලිකොප්ටර් පවා තියනවා. නැව් පවා ගේන්නලු  යන්නේ. ඔය හෙට අනිද්දා විකුනන්න යන රජයේ ආයතන කීපයක්ම ගන්නත් ප්ලෑන්  ගහල ලු.

ඒ කතා මොනවා වුනත්, පොලිස් ස්ථානාධිපතිවරයකුට ප්‍රසිද්ධියේ මරණ තර්ජන කළ කෙනෙක් අත් අඩංගුවට නොගෙන බාර වෙන්න ඉඩහැරියේ ඇයි කියලා , නොච්චියාගම මහේස්ත්‍රාත්තුමා ඊයේ  පොලිසියෙන් විවෘත අධිකරණයේ දී විමසීමක් කරලා තිබුනා.

මේ තැනැත්තාට ඇති පොලිස් වරප්‍රසාද සාමාන්‍ය පුද්ගලයෙකුට නැත්තේ කුමක් නිසාද කියලත්  මහේස්ත්‍රාත්වරයා අහලා.

රාජාංගනය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ඩබ්ලිව්.එස්.ගජසිංහට, රාජාංගනය යාය 18 ප්‍රදේශයේ සංගීත ප්‍රසංග මාලාව පැවැති භුමියේ රැස්ව සිටි විශාල පිරිසක් ඉදිරියේ බැන මරණීය තර්ජනය කර , ඔහුගේ රාජකාරියට බාධා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි අමිල සෙනෙවිරත්න ඇතුලු රාජාංගනය පොලීසියේ නිලධාරින් ඊයේ  (26) නොච්චියාගම මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කළ අවස්ථාවේ, නීතීඥවරියක මාර්ගයෙන් අධිකරණයට බාර වූ 'අවුරා ලංකා' සමාගම් සමූහයේ සභාපති තාඹුගල නැමැත්තා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත් නාලක බංඩාර ඉලංගරත්න නියෝග කළා.

පසුගියදා  උදැසනක  පොලීසිය පසුපසින් අධිකරණයට පැමිණ ඇති  සැකකරු අත් අඩංගුවට නොගෙන නීතීඥවරියක මාර්ගයෙන් අධිකරණයට බාර වීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා පොලිසියට දෝෂාරෝපණය කොට තිබුනා.

කෝටිපති තාඹුගල ට අධිකරණයෙන් එහෙම චෝදනා එල්ල වෙද්දී, ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් ඇතුළුව බොහෝ දෙනෙක්, ජුලි 26 මාධ්‍ය හමුවක් තියලා තාඹුගල වෙනුවෙන් පෙනිහිටියා.

රටේ පැවති විවිධ තත්ත්වයන් හේතුවෙන් ආර්ථික අපහසුතාවට පත්ව සිටින ගායක ගායිකාවන් ඇතුළු එළිමහන් සංගීත ප්‍රසංග ක්ෂේත්‍රයේ නියැලී සිටින බොහෝ දෙනකුගේ ආර්ථිකයට ශක්තියක් වූ 'අවුරා ලංකා ' සංගීත ප්‍රසංග මාලාවට බාධා කරන්න එපා කියල ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් ප්‍රශ්නයක් ඇත්නම් සාකච්ඡා කර විසඳාගත යුතු බවත් ඒ කලාකරුවෝ කියනවා.

ප්‍රවීණ සංගීතඥ ටී. එම්. ජයරත්න, දයාන් විතාරණ, රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා ඇතුළු ප්‍රවීණ සහ ජනප්‍රිය සංගීත ශිල්පීන් 100 කට අධික පිරිසක් මේ වැඩේට ඇවිත් හිටියා.

 කාලයක් යස අගේට එළිවෙනතුරු තියපු මේ මියුසිකල් ෂෝ වලට එකපාරටම බාල්දියක් වැටුනේ තම්බුගලත් ජනාධිපතිවරනෙට ඉල්ලන්න ලෑස්ති වෙනවා කියල ගිය ආරංචියට ද ? ශෝෂල් මිඩියා  එකේ සමහරුන්ට එහෙමත් ප්‍රශ්න තියනවා.

ඒ කතා මොනවා වුනත් තාඹුගල මේ සංගීත වැඩේ කෝඩිනේට්  කරන්න එයාගේ ප්‍රයිවෙට් සෙකට්‍රි විදියට අරගෙන තියෙන්නේ,  යහපාලන කාලේ  අගමැති රනිල් එක්කම හිටපු චරිතයක්. ඒ තරුණ නීතිඥ මහත්තයා , ඒ දවස්වල විවාහ වෙලා හිටියේ  UNP ලොක්කෙක්ගේ දියණියක් එක්ක. පස්සේ ඒ නීතිඥ මහත්තයා රනිල්ගෙන් ගැලවිලා සජිත් ලඟට ගිහින් තිබුනා, පහුගිය මහ චන්දෙදී චන්දෙත් ඉල්ලුව.

කොහොම වුනත්, ඔය සල්ලි විසිකරන විසිකිරිල්ලට යි , දේශපාලන සම්බන්ධකම් නිසයි , තාඹුගල ගැන කතාකරන්න හුඟක් දේශපාලන පක්ෂ බයයි. ජනාධිපති අපේක්ෂක කම් කොහොම වුනත් මිනිහට ඕන වෙලා තියන්නේ දේශපාලකයෝ අල්ලේ නටවන්න ලු.


සබැඳි පුවත් :
අවුරා ලංකා: 'නීතිවිරෝධී කෝමාරිකා ව්‍යාපෘතිය සංගීත සංදර්ශන හරහා ජනගත කරන්න හදනවා'

ඔන්න ඔය වගේ ඕපාදුප කීපයක්ම පහත විඩියෝවෙන් අහල බලල රසවිඳින්න. 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්