වජ්ජා’වජ්ජ 55 : එහෙම හැසිරුණේ මට ඔයා විශ්වාස නිසා (ජයසිරිගේ නවකතාවක්)
කොන්දොස්තරට මුදල් ගෙවා මිනිත්තු දහයක් ඉක්ම යන්නට මත්තෙන් බස් රථය ගමන ඇරඹී ය; එතැන් සිට තවත් මිනිත්තු පහක පමණ කාලයක් ප්රතිෂ්ඨ සහ සචේතනී දෙපළ මතු නොව අවට පැවති සියලු සජිවී මෙන් ම අජීවි වස්තු ඔවුන් පසු කර ඇදී ගියේ ය. ප්රතිෂ්ඨ අසුනට බර වී දිගු කල්පනාවක ය;