ජනප්‍රිය ඇමරිකානු රැප් ගායිකාවක වන Cardi B විසින් සංගීත ප්‍රසංගයක් අතරතුර දී ප්‍රේක්ෂකයෙකු හට සිය මයික්‍රෝෆෝනයෙන් දමා ගසා තිබෙනවා.

ප්‍රසංග වේදිකාවේ සිට ගීත ගායනා කරන අවස්ථාවේ දී ප්‍රේක්ෂකයෙක් විසින් Cardi B දෙසට යම්කිසි පානයක් විසි කිරීමෙන් පසුවයි ඇය තමන්ගේ අත රැඳී මයික්‍රෝෆෝනය ප්‍රේක්ෂකාගාරය වෙතට දමා ගසා ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉකුත් 30 වැනිදා ඇමරිකාවේ ලාස් වෙගාස් හි පැවති එළිමහන් ප්‍රසංගයක, ''Bodak Yellow'' නම් අතිශය ජනප්‍රිය ගීතය ගායනා කරමින් සිටින අවස්ථාවේ දී, ග්‍රැමි සම්මානලාභිනිය මෙම සිදුවීමට මුහුණ දුන් බව යි.

මෙම අවස්ථාවේදී ඇයගේ ආරක්ෂකයින් එම ස්ථානයට පැමිණ තත්ත්වය නිරාකරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර යි.

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්