ශ්‍රී ලංකාවේ ඉන්න ජාත්‍යන්තර කීර්තියට පත් රහස් පරීක්ෂකවරයෙක් වන, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ ජීවිතයට බරපතල

අවදානමක් මතු වී තිබෙන බවට දෙස්, විදෙස් සංවිධාන, මානව හිමිකම් ක්‍රියාධරයින් වගේම විරුද්ධ දේශපාලන පක්ෂත් අනතුරු අඟවනවා.

බදාදා (පෙබරවාරි 23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, ශානි අබේසේකර සැලසුම් සහගත ලෙස  "ස්වභාවික ඝාතනයකට" තල්ලු කරමින් ඉන්නවාද කියල සැකයක් මතුවෙන බවට ආණ්ඩුවට ඉතාමත් බරපතල චෝදනාවක් එල්ල කළා.

ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පදවියට පත් වූ මොහොතේ ඉඳලම තමයි ශානි අබේසේකර ඉලක්ක කරගෙන විපක්ෂනායකවරයා කියන මේ බියජනක සහ කනගාටුදායක තත්වය බරපතල විදියට මතුවුනේ.

ගෝඨාභය රාජපක්ෂ ජනපති පදවියට පත්වෙලා කරපු පළමු රාජකාරිවලින් එකක් වුනේ ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුරෙන් මාරු කරලා, ගාල්ලේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සහායක නිලධාරියෙක් විදියට පත් කිරීම.

ඊට පස්සේ ඔහු අත්අඩංගුවට අරගෙන ඉවර වෙලා තමයි පොලිසිය ඔහුට විරුද්ධව චෝදනා හොයන්න ගත්තේ.

ඔබට මතකද ආණ්ඩුව ඔහුට කොවිඩ් රෝගය වැළඳුන වෙලාවේ වගේම හෘදයාබාධයක් වැළඳුන වෙලාවේ හැසිරුණ හැටි? ඔහුට ප්‍රතිකාර කරන්න කියල ආණ්ඩුවට බල කරන්න මානව හිමිකම් කොමිසමට සිද්ද වුන හැටි?

සජිත් ප්‍රේමදාස කියන ආකාරයටම ශානි අබේසේකරගේ ජීවිතය අවදානමේ හෙලන ආණ්ඩුවේ වැඩපිළිවෙල එතනින් නැවතුනේ නෑ.

ඒ සියල්ල ගැන වැඩි විස්තර දැනගන්න "Sandeshaya by Saroj" නාලිකාවට ගොඩවෙලා යන්න.

 




සබැඳි පුවත් :

 
 
 
 

Leader Whats app

 

 

 

 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්