ලලිත් කුමාර් වීරරාජු සහ කුගන් මුරුගානන්දන් යන දේශපාලන ක්‍රියාකාරිකයින් දෙදෙනා අතුරුදන් කරවීම පිළිබඳ නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය

රාජපක්ෂට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නිකුත් කර ඇති නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය 24 වැනිදා අතුරු තහනමක් නිකුත් කළ ප්‍රවෘත්තිය ප්‍රධාන ජනමාධ්‍යවල පළවීම, වැළැක්වීමට එක්තරා නීතිඥයන් පිරිසක් දැඩි උත්සාහයක් ගෙන තිබූ බව වාර්තා වේ.

මීට ප්‍රධාන හේතුව ලෙස දැනගන්නට ලැබෙන්නේ, සැප්තැම්බර් 27 වැනිදා යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී නොසිටීම සඳහා ගෝඨාබයගේ නීතිඥ රොමේෂ්ද සිල්වා, අභියාචනාධිකරණය ඉදිරියේ දක්වා ඇති කරුණුය. 

ජනාධිපති නීතිඥයා පවසා  ඇත්තේ වර්තමාන ආරක්ෂක තත්වය මත, ගෝඨාභය රාජපක්ෂට යාපනය අධිකරණයේ පෙනී සිටීමට හැකියාවක් නොමැති බවය. අධිකරණ වාර්තාකරුවන් ප්‍රකාශ කරන පරිදි ඉන් අදහස් කර තිබෙන්නේ යාපනය හැර වෙනත් අධිකරණයක පෙනී සිටිය හැකි බවය.

මෙම පෙත්සම සලකා බැලුවේ අභියාචනාධිකරණය විනිසුරුවන් වන අචල වෙන්ගප්පුලි සහ දීපාලි විජේසුන්දර ඉදිරියේය. මීට පෙරද තමන් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් වන නඩුවලදී තීන්දු ලබාදී ඇති බැවින් මෙම පෙත්සම විභාග කිරීමට තමන් අකමැති බව, වෙන්ගප්පුලි විනිසුරුවරයා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කර, නඩුවෙන් ඉවත් වි තිබේ. Gota Text2019


ඉන්පසු දීපාලි විජේසුන්දර විනිසුරුවරිය තනිවම, යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කළ සිතාසි අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් ලබාදී පෙත්සම සම්බන්ධයෙන් විභාගය සැප්තැම්බර් 03 වැනිදාට කල් දමා ඇත.

පෙත්සම සලකා බැලීම වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ට එක්තරා නීතිඥයන් පිරිසක් පවසා ඇත්තේ, ආරක්ෂාව මදි නිසා යාපනයට නොයන බවට, වන කරුණු දැක්වීම අඩංගු වන ලෙස ප්‍රවෘත්තිය සිය මාධ්‍ය ආයතන වෙත වාර්තා නොකරන ලෙසය. 

එහෙත් වාර්තාකරුවන් ප්‍රවෘත්තිය නිසි පරිදි ආයතන වෙත ලබා දුන්නත්  බොහෝ ප්‍රධාන පුවත් මෙන්ම විද්‍යුත් මාධ්‍යද මෙය නිසියාකාරව වාර්තා කළේ නැත.

(රාවය) 

සබැඳි පුවත් :


'ලීඩර්' පුවත හරියටම හරි! - ගෝඨාබය 'ලලිත්-කූගන්' නඩුවටත් 'වෙට්ටුවක් දමයි'

ලලිත්-කූගන් අතුරුදන් කිරීම: ගෝඨාබය මෙවරත් උසාවියට කට්ටිපනී ද!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image