රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් දැනට වැඩ තහනමට ලක්කර සිටින නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ

සම්බන්ධ විනය පරීක්ෂණය සඳහා නීතිපතිවරයා කැමති විමර්ශන නිලධාරීන් එක් අයෙකු හෝ කීප දෙනෙකු තෝරා ගන්නා ලෙස පස්දෙනෙකුගේ නම් දන්වා යැවූ බව රාජ්‍ය‌ සේවා කොමිසමේ සභාපති ධර්මසේන දිසානායක 'රාවය' පුවත්පත කළ විමසීමකදී පවසා ඇත.

සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සමග කළ දුරකතන සංවාදයක හඬ පටය සාමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වීමත් සමග දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ එය තමන් සමග සිදුකළ සංවාදයක් බව නීතිපතිවරයා ඉදිරියේ පිළිගෙන තිබුණි.

ඒ අනුව නීතිපතිවරයා විසින් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ පිළිබඳ විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීම සඳහා රාජ්‍ය සේවා කොමිසම වෙත යොමු කරනු ලදුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඇයගේ සේවය අත්හිටුවිය.

ඇය පිළිබඳ විනය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා නීතිපතිවරයා වෙත සිය කොමිසමේ විමර්ශන නිලධාරීන් මඬුල්ලෙන් පස් දෙනෙකුගේ නම් යෝජනා කර යැවීමටත් අවශ්‍ය නිලධාරියා හෝ නිලධාරීන් තෝරා ගැනීමේ වගකීම නීතිපතිවරයාටම පැවරීමටත් ඉකුත් 24 වෙනි දින කොමිසම තීරණය කළ බවත් ඒ පිළිබඳ ලිපිය නීතිපතිවරයාට පසු දිනම (25) අතින්ම භාර දුන් බවත් සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියි.


සබැඳි පුවත් :

දිල්රුක්ෂිගේ හඬපටය: ගෝඨාබයට 'කඩේ යන' ඇමති කව්ද ?

අගමැති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක් !

සොලිසිටර් ජනරාල්වරිය ගෝඨාබයට දුන් පොරොන්දුවක් හෙළිවේ! (ලික් කළ වීඩියෝව මෙන්න)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්