ජාතික ජන බලවේගය හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර විශේෂ සාකච්ඡාව ඊයේ (මැයි 31) පැවති අතර එහිදී දෙපාර්ශවයේ නියෝජිතයින් ඇතැම්
දේශපාලන කරුණු සම්බන්ධයෙන් අවබෝධයක් ගොඩ නගා ගෙන තිබේ.
එම සාකච්ඡාව ඊයේ (31) පස්වරු 7.00ට පැලවත්ත, පන්නිපිටිය පාරේ කාර්‍යාලයේදී පැවැත්විණි.
එයට පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් එහි පාලක ලේකම් චමීර කොස්වත්ත, අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහ චන්දන සිරිමල්වත්ත ද, ජාතික ජන බලවේගය වෙනුවෙන් ප්‍රධාන ලේකම් නිහාල් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රි හරිණි අමරසූරිය, විධායක සභික ලාල්කාන්ත, චාමින්ද ජයසූරිය, අනුර කරුණාතිලක, මහින්ද රත්නායක සහභාගී විය.
ජන අරගලයේ අභිලාෂයන් ජයග්‍රහණය කිරීම, රට පුරා සිදුවන අත්අඩංගුවට ගැනීම් වලට එරෙහිව කටයුතු කිරීම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු දේශපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති අතර ඒ සම්බන්ධ අවබෝධයක් ගොඩ නගා ගෙන තිබේ.
නිශ්චිත එකඟතා ඇති නොවූවත් සාකච්ඡාව ඉදිරියටත් පවත්වාගෙන යාමට තීරණය වී ඇත.