මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් කඩිනමින් පත් කිරීමට බලාපොරොත්තු වුවත්

එම පත් කිරීම් තවත් සති කීපයක් පමා වනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

ස්වාධීන කොමිෂන් සභාවල සාමාජික පුරප්පාඩු සඳහා අයදුම්පත් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබීම නිසා සුදුස්සන් තෝරා ගැනීම සංකීර්ණවී ඇති හෙයින් මෙම ප්‍රමාදය ඇතිවී තිබෙන බව ඒ ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර සමහර අපේක්ෂකයන් කොමිෂන් සභා හතර පහකට අයදුම්පත් යොමු කිරීම නිසාද සුදුස්සන් තේරීම සංකීර්ණවී ඇතැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාව පවසයි.

තවද සුදුසුකම් නැති පිරිසක්ද කොමිෂන් සභා සඳහා අයදුම්පත් යොමු කර ඇති අතර ඒ අය වෙනම ලැයිස්තුවකට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

සුදුසුකම් සහිත අයදුම්පත් යොමු නොකළ බාහිර පුද්ගලයන් කොමිෂන් සභාවලට පත් කිරීමට හැකියාව ඇත්දැයි යන්න සම්බන්ධයෙන්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවේ අවධානය යොමුවී ඇත.


(lankadeepa.lk)

 
JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්