වසර ගණනාවක් තිස්සේ යුද හමුදාව අත්පත්කරගෙන සිටින තම පාරම්පරික ඉඩම් පොරොන්දු පරිදි

රජය විසින් නිදහස් නොකිරීමට එරෙහිව වන්නියේදී විරෝධතාවක් දියත් කර තිබේ.

ජුලි 5 වැනි බදදා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ කෙළවරක සිට කදවුරේ ප්‍රධාන දොරටුව දක්වා විරෝධතා පා ගමනින් පැමිණි ඉඩම් අහිමි වු ඡනතාව චෝදනා කළේ යුද හමුදාව සිය ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කරගැනීම නිසා ජීවනෝපාය අහිමි වීමෙන් තමන් මහත් දුෂ්කරතාවයට පත්ව සිටින බවයි.

"අපේ පාරම්පරික වාසස්ථාන අපිට ඕනෑ. හමුදාව ඉවත් වනු." යනුවෙන් සඳහන් බැනරය පෙරටු කරගනිමින් අපේ පාසල අපිට ඕනෑ, අපේ සුසාන භුමිය අපිට ඕනෑ, අපේ ළිද අපිට ඕනෑ, අපේ ඉඩම් අපිට ඕනෑ, ආදී සටන් පාඨ කියමින් ඔවුන් විරෝධතාවය දියත් කර තිබුනි.

විරෝධතාවයට එක්ව සිටි පිරිස් එහිදී සදහන් කළේ වසර ගණනාවක් තිස්සේ හමුදාව අත්පත්කරගෙන සිටින සිය ඉඩම් 2023 වසරේ ජුනි මාසයේදී නිදහස් කරන බවට පසුගිය  වසරේ යුද හමුදාව  පැවසුවත් මේ තෙක් එම ඉල්ලීම ඉටු නොකිරීම නිසා මෙම විරෝධතාවය ආරම්භ කළ බවයි.

{gallery}Mulathive Land{/gallery}


පවුල් 56 කට අයත් ඉඩම් අක්කර 59.5 ක් හමුදාව භාරයේ තබාගෙන සිටින බවට චෝදනා කළ විරෝධතාකරුවන් එහිදී වැඩි දුරටත් පවසා තිබුනේ එක් පවුලකට අක්කර කාල බැගින් කදවුර සමීපයේ පිහිටි භුමියකින් තමන්ට ඉඩම් ලබා දීඇති බවයි.

කදවුරු ඉදිකර තිබෙන දෙමළ ජනයාට අයත් සියළු ඉඩම් නිදහස් කර හමුදා කදවුර එම ප්‍රදේශයෙන් ඉවත් කරන ලෙසත් විරෝධතාකරුවන් එහිදී ඉල්ලා තිබුනි.

විරෝධතාවයට එක්ව සිටි වයස්ගත පියෙක් සඳහන් කළේ ජීවිතයේ සැදෑ සමයේ හෝ සිය භුමියේ ජීවත්විමේ අපේක්ෂාවෙන් තමන් පසුවන බවයි.

"අපේ ගෙවල් නිදහස් කරනවා කියලා අපිව රැවට්ටනවා. මට අවුරුදු 70 යි. මගේ අන්තිම කාලේ හරි මගේ ගෙදර මම ජීවත් වෙන්න ඔන. ඒ ආසාවෙන් තමයි අපි ජීවත් වෙන්නේ. අපේ ගෙවල් නිදහස් කරන්නේ නැතිනම් අපිට හමුදාවත් එක්ක ප්‍රශ්න ඇති වෙනවා. ඒක මොන වගේද කියලා මට කියන්න බෑ. මේ අවුරුද්ද තුළ අපේ ඉඩමට අපි යන්න ඔන."

යුද්ධය නිමාවීමෙන් වසර අටකටත් වැඩි කලක් යුද හමුදව භාරයේ පැවැති මුලතිව්, කේපාපිලව්හි දෙමළ ජනයාට අයත් පෞද්ගලික ඉඩම් 2007 වසරේ සිට අවස්ථා කිහිපයකදීම කොටස් වශයෙන්  නිදහස් කිරීමට රජයේ ආරක්ෂක අංශ කටයුතු කර තිබුනත් තවමත් විශාල භූමි භාගයක හමුදාව වාඩිලාගෙන සිටී. 

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්