ශ්‍රී ලංකාව තුළ මෙතෙක් හමු නොවු නව මත්ද්‍රව්‍ය විශේෂයක් මොරටුව සමන්පුර ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් වලාන මධ්‍යම දුෂණ

මර්දන ප්‍රහාරක ඒකකය විසින් සොයාගෙන තිබුණි.

විදෙස් රටවල ධන කුවේරයින් භාවිත කරන, 4MMC නමැති මෙම මත්ද්‍රව්‍ය විශේෂය අයිස් මත්ද්‍රව්‍ය මෙන් 6 ගුණයක් ප්‍රබල බව පොලීසිය පවසයි.

හඳුනානොගත් මත්ද්‍රව්‍ය විශේෂයක් සම්බන්ධ ජාවාරමක් පිළිබඳ වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයට ලද තොරතුරකට අනුව, විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා (05) පස්වරුවේ මොරටුව සමන්පුර ප්‍රදේශයේ පිහිටි කෝටිපති ව්‍යාපාරිකයකුගේ තෙමහල් නිවසක් වටලනු ලැබීය.

එහිදී, අදාළ කෝටිපති ව්‍යාපාරිකයාගේ 29 හැවිරිදි පුත්‍රයා මෙම මත්ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටියදී අත්අඩංගුවට ගැනුණි.

පොලීසිය සඳහන් කළේ 4MMC ලෙස හඳුන්වන මෙම මත්ද්‍රව්‍ය ලොව පුරා ධන කුවේරයින් භාවිත කරන එකක් වන අතර, ඒවා මෙරටින් හමුවූ පළමු අවස්ථාව මෙය බවය.

සැකකරු සතුව තිබී අදාළ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර, ඔහු ඒවා ඉතා සුක්ෂම ලෙස සෙල්ලම්බඩු තුළ අසුරමින් සිටි බවද පොලීසිය සඳහන් කරයි.

අනතුරුව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් පසුව, අදාළ මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වන ප්‍රධාන සැකකරු වන තවත් කෝටිපති ව්‍යාපාරිකයෙකුව අත්තිඩියේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ව්‍යාපාරිකයා එම අවස්ථාවේදී රුපියල් ලක්ෂ 10ක මුදලක් පොලීසියට ලබාදීමට උත්සාහ කරන ආකාරය කැමරාවේ සටහන්වී ඇත.

ව්‍යාපාරිකයාගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ඔහු ගුවන් තැපෑල මගින් මෙරටට ගෙන්වන මෙම මත්ද්‍රව්‍ය, මොරටුව සමන්පුර ව්‍යාපාරිකයාගේ පුත්‍රයා වෙත ලබාදීමෙන් පසු ඔහු ඒවා සුක්ෂම ලෙස සෙල්ලම් බඩු තුළ අසුරන බවය.

අනතුරුව එම මත්ද්‍රව්‍ය සහිත සෙල්ලම් බඩු, අත්තිඩියේ ව්‍යාපාරිකයා විසින් මාලදිවයිනට යවන බවටද පොලීසියට තොරතුරු හෙළිවී තිබේ.

මොවුන් දෙදෙනා මෙම ජාවාරමට අමතරව කුෂ් නමැති මත්ද්‍රව්‍ය ද ජාවාරම්කරන බව අනාවරණවී ඇති අතර එම ජාවාරම්වලට ආධාර අනුබල ලබාදුන් තවත් සැකකරුවකු ද අත්අඩංගුවට ගැනුණි.

පොලීසිය පැවසුවේ, මෙම මත්ද්‍රව්‍ය මෙතෙක් මෙරටින් හමුනොවීම නිසා ඒවායේ වටිනාකම තවමත් සඳහන් කළ නොහැකි බවය.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සහ භාණ්ඩ වැඩිදුර පරීක්ෂණ සඳහා මොරටුව සහ දෙහිවල යන පොලිස් ස්ථාන වෙත බාරදී තිබේ.

අනතුරුව ප්‍රධාන සැකකරුවන් දෙදෙනාව අද දිනයේදී මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලීසියට අවසර ලබාදුනි.

(adaderana.lk)

 

Screenshot 2023 07 07 at 12.18.55 PM



JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්