දුෂණයට විරුද්ධ සැබෑ මහජන නියෝජිතයෙක් නම් පාර්ලිමේන්තුවේ අද (19) පැවැත්වෙන දුෂණ විරෝධී පනත් කෙටුම්පතෙහි තෙවන වර කියවීම හෙවත්

කාරක සභා අවස්ථාවේදී පක්ෂව ඡන්දය භාවිතා කළ යුතුව ඇතැයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, විජයදාස රාජපක්ෂ පවසයි.

නව දුෂණ විරෝධි පනත් කෙටුම්පත පිළිබදව තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාව අද (19) පාර්ලිමේන්තුවේ සිදු කිරීමට නියමිතව ඇති අතර ඒ පිළිබදව අදහස් පළ කරමින් අධිකරණ අමාත්‍යවරයා එබව සඳහන් කළේය.

ඔහු තවදුරටත් මෙසේද පැවසිය.

'' අල්ලස සහ දුෂණය අවම කිරීම සදහා කටයුතු කළ යුතු බව සියලු දෙනා අදහස් පළ කරනවා. නමුත් කිසිම කෙනෙක් ඒ සදහා අවශ්‍ය පියවර ගැනීමක් සිදු කළේ නැහැ. ඒ නිසා එක්සත් ජාතීන්ගේ දුෂණ විරෝධි ප්‍රඥප්තිය අනුව යමින් නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාව අද පාර්ලිමේන්තුවේදී සිදු වෙනවා. එහිදී ඉදිරිපත් කරනු ලබන සංශෝධන සහිතව පනත් කෙටුම්පත සම්මත කිරීමට නියමිතයි.

 

 

'' මෙම පනත් කෙටුම්පත පිළිබදව මහජන නියෝජිතයින් වශයෙන් කටයුතු කරන කිසිම අයෙකුට විරුද්ධ විය නොහැකියි. දුෂණයට විරුද්ධව කථා කරන ලබන සියලු දෙනා මෙම පනත් කෙටුම්පතට සහාය ලබා දෙන මහජන නියෝජිතයින් පිළිබදව අවධානයෙන් සිටිනවා. ''

 

දුෂණ විරෝධි නව පනත් කෙටුම්පතට ඇතැම් මහජන නියෝජිතයින් පක්ෂවත් විපක්ෂවත් අදහස් පළ කළා. මෙරට සිදු වන අල්ලස දුෂණය වංචාව තුරන් කිරීම සදහා කටයුතු කළ බව අදහස් පළ කළ පමණින් එය සිදු වන්නේ නැහැ. නවීන තාක්ෂණයට ගැලපෙන පරිදි නව නීති අණ පනත් අවශ්‍යයි. ඒ අනුව ඉදිරිපත් කර ඇති නව දුෂණ විරෝධි පනතට පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව සහාය ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරනවා, යැයිද අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

සබැඳි පුවත් :
'මේක කෙරෙන්නම ඕන'- දූෂණ විරෝධි පනත ගැන කරූ කියයි!

තෝරු මෝරු අතහැර හාල්මැස්සෝ අල්ලන නීතිය ! - අධිකරණ ඇමති මොකද කියන්නේ ?




 

JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image