යුද පීඩිත වන්නියෙන් හමු වු ශ්‍රී ලංකාවේ අලුත්ම සමූහ මිනීවලේ කැනීම් කටයුතු යළි ආරම්භ කර දින අටක් ගත වෙද්දී, පුද්ගලයන් දාහතර දෙනෙකුට අයත් අස්ථි කොටස් ගොඩ ගෙන තිබේ.

සැප්තැම්බර් 14 වැනි දා කැනීම් කටයුතු නිමා විමෙන් පසුව, සිරුරු ගොඩගැනීමේ කටයුතු නිරීක්ෂණය කරමින් සිටි නීතිඥ වී එස් නිරංජන් ප්‍රදේශයේ මාධ්‍යවේදීන් හා කියා සිටියේ විමුක්ති කොටි සටන්කාමීන් පස් දෙනෙකුගේ  බවට සැක කෙරෙන මානව අස්ථි කොටස් ගොඩ ගත් බවයි.

"කොක්කුතොඩුවායි සුසාන වළේ අටවැනි දින කැණීම්වලදී දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ කියලා විශ්වාස කරන මිනිස් අස්ථි ශේෂ ගොඩ ගත්තා. ඒ අතරින් සෙබළියකගේ අස්ථි ශේෂ හතරක් සහ පිරිමි සටන්කාමියකුගේ අස්ථි කොටස් ගොඩ ගත්තා. එක් මිනිස් අස්ථි ශේෂයක වෙඩි උණ්ඩයකුත් එයාලාගේ දිග කලිසමක E-1124 අංකය ලියා තිබුනා."

ගොඩ ගන්නා මානව අස්ථි කොටස් මුලතිව් දිස්ත්‍රික් රෝහලේ තැන්පත් කර ඇති බව වෛද්‍ය නිලධාරී කනගසභාපති වාසුදේව සැප්තැම්බර් 13 වැනිදා ප්‍රදේශයේ මාධ්‍යවේදීන්ට දැනුම් දී තිබුනි.

යුද්ධයෙන් වැඩිම හානියට පත් මුලතිව් දිස්ත්‍රික්කයේ කොක්කුතොඩුවායි හිදී මාස දෙකකට ඉහත  මතුවූ සමූහ මිනීවලේ කැනීම් කටයුතු අධිකරණ නියෝග මත සැප්තැම්බර් 6 වැනිදා උදෑසන සිට යළි ආරම්භ කළේය.

කොක්කුතොඩුවායි මහාවිද්‍යාලයේ සිට කෝකිලායි දෙසට මීටර් 200ක් පමණ දුරකින් ජුනි 29 වැනි බ්‍රහස්පතින්දා හවස් යාමයේ මිනිස් සිරුරු කොටස් සහ ඇඳුම් කොටස් අහම්බයෙන් හමුවී තිබුනේ ජල සම්පාදන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය ජලනල එළීමට පොළව හාරමින් සිටියදී ය.

jsht 56


සබැඳි පුවත් :

මුලතිව් සමූහ මිනීවලෙන් ගොඩගන්නා සිරුරු ගණන තවත් ඉහලට 

කොක්කුතොඩුවායි සමූහ මිනීවලෙන් දවස් හයට ඇටසැකිලි හයක් 

කොක්කුතොඩුවායි සමූහ මිනී වලෙන් තවත් ඇටසැකිලි, පතුරම් මතුවේ

දෙමසක් ඇනහිට තිබු කොක්කුතොඩුවායි සමූහ මිනීවලේ වැඩ ඇරඹේ ! 

වන්නියේ සමූහ සුසානය ගැන මැදිහත් වෙන නීතිඥයන්ට බියවැද්දීම්

කොක්කුතුඩුවායි සමූහ සුසානයේ කැනීම්වලට බාලගිරි දෝෂය

කොක්කුතුඩුවායි සමූහ සුසානයේ කැනීම් පිළිබද තීන්දුව අද

යාපනයේ තවත් සමූහ මිනී වලක් ගැන මැතිසබේ හෙළිදරව්වක්

අලුත්ම සමූහ මිනීවල හාරන ආකාරය ගැන දෙමළ පිරිස් නොසතුටින්

අලුත්ම සමූහ මිනීවලේ කැනීම් සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලයි

ඇටකටු හමුවූ මුලතිව් සමූහ සුසානයේ කැනීම් 6 දා ඇරඹීමට නියෝග

වන්නියෙන් ඇටසැකිලි මතුවුයේ සමූහ සුසානයකින්දැයි සැකයක්

තොග පිටින් වලලන්න දක්ෂ රටේ ගොඩගන්න අදක්ෂකම හෙළිවන වාර්තාවක්



JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image