ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් විපක්ෂයේ පුළුල් සන්ධානයක් ගොඩනැගීමටත් එහි නායකත්වය හා අගමැති අපේක්ෂකත්වය

සජිත් ප්‍රේමදාසට ලබාදීමටත් ඊයේ (30) පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් තීන්දු කිරීම හරහා සජිත්ගේ නායකත්වයට අවශ්‍ය මූලික අත්තිවාරම සකස් වී අවසන් බව එම පක්ෂයේ සභාපති කබීර් හෂීම් පවසයි.

ඊයේ පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගී නොවූ හිටපු අමාත්‍ය කබීර් හෂීම් විපක්ෂ නායක කාර්යාලයේදී එබව මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ, කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගී වූ හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම කෘත්‍යධිකාරී මණ්ඩලයේ තීන්දු තීරණ සවිස්තරව සජිත් කණ්ඩායම වෙත පැහැදිලි කිරීමෙන් අනතුරුවය.

කබීර් හෂීම් එහිදී වැඩිදුරටත් මෙසේද පැවසිය.

"අපේ පක්ෂයේ අභ්‍යන්තර ප්‍රශ්න විසඳගෙන සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වය තුලින් මේ රටේ පොදුජනයා ඉල්ලන වැඩපිළිවෙලකට යන්න තමයි අපි උත්සහ කරන්නේ. එතනදි එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ සහයෝගය ලබාදෙන්න කියලා අපි ඉල්ලීමක් කලා. එතකොට ඒ සන්ධානයේ නායකයා හැටියට සජිත් ප්‍රේමදාස පත් කරන්න කියලා අපි ඉල්ලීමක් කළා, ඒක අද කෘත්‍යාධිකාරී මණ්ඩලයෙදි අනුමත වුණා.

ඒ වගේම ඒ සන්ධානයේ මහ ලේකම්වරයාව පත් කරන්න එතුමාට ඉඩ දෙන්න කියලා අපි ඉල්ලීමක් කළා. එකටත් අනුමැතිය ලැබිලා තියනවා. ඒ වගේම නාමයෝජනා මණ්ඩලයේ සභාපතිවරයා හැටියට එතුමා පත් කරන්න කියලා අපි ඉල්ලීමක් කළා, ඒකත් සම්මත වෙලා තියෙනවා කියල පණිවිඩේ ලැබුණා. මං හිතන්නෙ මේ හරහා පළවෙනි අත්තිවාරම හදලා ඉවරයි කියලා මං විශ්වාස කරනවා"

 

සජිත්ගේ වෙන්වීම සහතිකයි..!  : ආණ්ඩුවේ මාධ්‍ය අනාවැකි කියයි

මේ අතර ආණ්ඩුවට හිතවත් ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත්වීම සඳහා  සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු වෙනම දේශපාලන සන්ධානයක් බිහි කිරීමට එජාප සජිත් හිතවාදී මන්ත්‍රී කණ්ඩායම අවසන් තීන්දුව ගෙන ඇති බවයි.

ඊයේ දිනයේ එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය කැඳවීමේදී ඇති වූ අර්බුදකාරී තත්ත්වය මෙන්ම සන්ධානයේ ලේකම් ධුරය හා නාමයෝජනා මණ්ඩලය සම්බන්ධයෙන් පැනවුන කොන්දේසි මත මෙම තීන්දුව කඩිනම් කිරීමට ඔවුන් සාකච්ජා කර ඇති බවත් ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ නව සන්ධානයේ අවශ්‍ය නීතිමය කටයුතු සූදානම් කිරීමට කටයුතු කරනු ඇති බවත් එම මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

 

කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නිල තීන්දුව මෙන්න

එසේ, ආණ්ඩුවට හිතවත් සමාජ මාධ්‍ය එක්සත් ජාතික පක්ෂයේ බෙදීමක් සම්බන්ධයෙන් අනාවැකි පළකර තිබුන ද ඉදිරි මහ මැතිවරණයේ අගමැති අපේක්ෂකත්වය, මැතිවරණයට මුහුණදීම සඳහා පිහිටුවන සන්ධානයේ නායකත්වය හා මැතිවරණ නාමයෝජනා මණ්ඩලයේ සභාපතිත්වය ද එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස වෙත ලබාදීමට ඊයේ (30) පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් තීරණය කළ බව එම පක්ෂයේ මහ ලේකම් අඛිල විරාජ් කාරියවසම් නිකුත්කර ඇති නිවේදනයක සඳහන් වේ.

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟතාවය ඇතිව පොදු සන්ධානයේ මහ ලේකම් පත්කිරීමේ බලයද විපක්ෂනායක ප්‍රේමදාස වෙත පවරා ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

 Akila Let

 

ලේකම් ධුරය ගැන කොක්කක් !

ඊයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ තීන්දු තීරණ ගැන theleader.lk කළ විමසීමකදී සජිත් හිතවාදී එජාප කණ්ඩායමේ මන්ත්‍රීවරයකු පැවසුයේ, අලුත් සන්ධානයේ ලේකම් පත්කිරීම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියට යටත් කර තිබීම කිසිඳු ලෙසකින් එකඟවිය නොහැකි කාරණයක් බවයි.

සිය අනන්‍යතාවය හෙළි නොකරන්නැයි ඉල්ලමින් තවදුරටත් අදහස් දැක්වූ එම මන්ත්‍රීවරයා මෙසේද පැවසිය.

'' ඇත්තටම ඊයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී වෙලා තියන එකම දේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වය තවදුරටත් තහවුරු කිරීමක් විතරයි. එජාප නායකත්වය නැතුව එහි බලතල පැවරීමකුත් නැතුව අයෙත් මේ විදියට මහ මැතිවරණයට ඉදිරිපත් වුනොත් වෙන්නේ ජනාධිපතිවරණයේදී වෙච්ච දේමයි.

අනෙක මේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රනිල්ගේ තෝරාගැනීමක්. සජිත් ප්‍රේමදාස මැතිතුමා වෙනුවෙන් කතා කරපු හතර දෙනෙක් දැනටමත් කපලා. ඉතින් එහෙව් කෘත්‍යාධිකාරී මණ්ඩලයකින් සජිත් ප්‍රේමදාස මැතිතුමාට අවශ්‍ය සන්ධාන ලේකම්වරයෙක් පත්කර ගන්න දෙයිද ?

සන්ධානයක් කියන්නේ තවත් දේශපාලන පක්ෂ රාශියක් එක්ක හදන පෙරමුණක්. එවැනි සන්ධානයක ලේකම් ධුරය හෝ වෙනත් තීන්දු තීරණ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහගේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අනුමැතියක් ගන්න ඕනද ?

අපට ජනතාවට වැඩ කරන්න මැතිවරණ කරන්න රනිල් වික්‍රමසිංහගේ අනුමැතියක් අවශ්‍ය නැහැ. අපි එජාපය සමග සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් අලුත් සන්ධානයක් හදනවා. ඒකට රනිල් වික්‍රමසිංහගේ කැමැත්තක් අවශ්‍ය නැහැ...'' ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

සබැඳි පුවත් :

සජිත් පිල කෘත්‍යධිකාරිය වර්ජනය කරයි : මංගල හා මලික් සමගි සන්ධානයක් වෙනුවෙන් සටනක !

එජාප නායක රනිල්මයි - විපක්ෂ සන්ධාන නායක හා අගමැති අපේක්ෂක සජිත් !!

එජාප නව නායකයා ගැන 2022 න් පසු විමසන්නැයි රනිල් කියලා ! - එජාප මන්ත්‍රී හමුවේ කතාබහ මෙන්න

සජිත්ගේ නායකත්වයෙන් නව සන්ධානයක් ! (VIDEO)

'UNP නායකයාගේ බලතල කපන්න ෆයිට් නොකරන්නේ ඇයි?' - කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ විමසයි

සජිත් එජාප නායක කියා යෝජනාවක් සම්මත කරගෙන !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image