යෝජිත විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ඊයේ (30) දින කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය twitter ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

අමාත්‍යවරයා එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අමාත්‍ය මණ්ඩලයේ නිරීක්ෂණය සහ අනුමැතිය සඳහා එම කෙටුම්පත ඉදිරිපත් කළ බවය.

ඒ අනුව යෝජිත ප්‍රතිසංස්කරණයන් හරහා විදුලිබල මණ්ඩලයේ සේවාවන් විවෘත කර කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ සහ තරගකාරීත්වය වැඩිදියුණු කිරීම මගින් පෞද්ගලික අංශයට විදුලිබල සේවා සැපයීම සඳහා අවස්ථාව සැපයීම සිදුකෙරේ.
Kanchana Wije

මෙම කෙටුම්පත පසුගිය මාස 10 පුරා සකස් කරන ලද්දක් බව අමාත්‍යවරයා සඳහ් කරයි. ඒ සංවර්ධන ආයතන සහ කර්මාන්ත පාර්ශවකරුවන්ගේ බලශක්ති සහ නීති විශේෂඥයින්ගේ සහාය ඇතිව ය.

නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් යෝජිත සංශෝධන, නීති කෙටුම්පත් සම්පාදක විසින් සළකා බැලීමෙන් පසු මෙම පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ සහතිකය පසුගිය සතියේ ලැබී තිබුණි.

අමාත්‍ය මණ්ඩලය විසින් යෝජිත විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත අනුමත කිරීමෙන් අනතුරුව එය ගැසට් කර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවටට ඉදිරිපත් කිරීමට නියමිතය.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්