ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වූ ජනමතය 50% සිට මේ වනවිට 4% දක්වා පහත වැටී ඇතැයි එම පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර ප්‍රකාශ

කළේය.

කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් දයාසිරි ජයසේකර තවදුරටත් කියා සිටියේ, තමා ලේකම් ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති නිසා ඉන් තමාට යුක්තිය ඉටු වේ යැයි අපේක්ෂා කරන බවයි.

පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේනගේ ක්‍රියාකලාපය කුමක් වුවත්, තමා කිසි විටෙක පක්ෂ නායකයා විවේචනය නොකරන බවත් ඔහු පැවසිය.

තමා කිසි ලෙසකින්වත් පක්ෂ නායකයාගේ පසුපසින් සිට පිහියෙන් අනින ජාතියේ අයෙකු නොවන බවත් , එවැනි පිරිස් මේ වනවිට පක්ෂ නායකයා අසලින්ම සිටීම නිසා ඉදිරියේදී ඔවුන්ගේ සැබෑ තතු දැනගත හැකි වනු ඇති බවද ඔහු සඳහන් කළේය.  

තමන් තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව නොමැති බවද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්