අලුතින් පත්කළ ක්‍රිකට් අතුරු කමිටුව ඉවත්කරන ලෙස ජනාධිපතිවරයා තමාගෙන් කළ ඉල්ලීම තමා තරයේ ප්‍රතික්ෂේප කල බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේදී අද (07) පැවසිය. 


'' ජනාධිපති මට කිව්වා කමිටුව අයින් කරගන්න කියලා.. මම කිව්වා මාව අස්කරලා කැමති තීන්දුවක් ගන්න මම කමිටුව ඉවත් කරන්නේ නෑ කියලා'' ඇමතිවරයා පැවසිය. 

ක්‍රිකට් අතුරු කමිටුව පත් කිරීම මුල්කරගෙන තහනම් නියෝගයක් පැනවීම සම්බන්ධයෙන් සහ ක්‍රීඩා පනත වෙනස් කිරීමට ගත් උත්සාහයේදී, ජනාධිපතිවරයා ප්‍රමුඛ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක කළ යෝජනා සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද පාර්ලිමේන්තුවේදී විශේෂ අනාවරණයක් කළේය.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ තමන් ක්‍රීඩා පනත වෙනස් කිරීමට ගත් උත්සාහයේදී ජනාධිපතිවරයා, සාගල රත්නායක ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ බවත්, එම සාකච්ඡාවට තමන්ද සහභාගී වූ බවත්ය.

එහිදී සාගල රත්නායක තමන්ට පනතට ඇතුල් කිරීම සදහා යෝජනාවලියක් එවූ බවත්, එම යෝජනා පනතට ඇතුළත් කළේ නම් හොරුන්ට පෙරළි පෙරළි සොරකම් කිරීමේ අවස්ථාව ලැබෙන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

එමෙන්ම තේරීම් කමිටුව පත් කිරීම මුල්කරගෙන ජනාධිපතිවරයා එය ඉවත් කරගන්නා ලෙස දැනුම් දුන් බවත්, තමන් ඊට විරෝධය පළ කරමින් ජනාධිපතිවරයාට කැමැති තීන්දුවක් ගන්නා ලෙස දැනුම් දුන් බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

එමෙන්ම හෙට දිනයේදී අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට පියවර ‌ගන්නා බවද ඇමැතිවරයා සදහන් කර සිටියේය.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්