ශ්‍රී ලංකාව හා සම්බන්ධ හානිකර ඔන්ලයින් අන්තර්ගතයන් ගැන කටයුතු කිරීමේ දී

සියලු සමාජ මාධ්‍ය සමාගම් එක වැඩපිළිවෙළකට ගොනුවීම අත්‍යවශ්‍ය බව මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් 'ගූගල් සමාගමට' පවසා ඇත.

ගූගල් සමාගමේ ආසියානු කලාපීය ප්‍රතිපත්ති සහ රාජ්‍ය සම්බන්ධතා ප්‍රධානී කයිල් ගාඩ්නර්, අමාත්‍යාංශ කාර්යාලයේ දී අද (07) ඇමතිවරයා හමු වූ අවස්ථාවේ ඇමතිවරයා මේ අදහස් පළ කළ බව මහජන අමාත්‍යංශයේ ප්‍රකශ්‍යකයකු පැවසිය.

සියලු සමාජ මාධ්‍ය සමාගම් එකතු කරගත් පොදු වැඩපිළිවෙළකට සිවිල් සමාජය සහ රජයත් සමග යාම වැදගත් බවත් ගූගල් වැනි සමාගම් ඒ සඳහා වගකීමකින් කටයුතු කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද  ඇමතිවරයා පවසා තිබේ.

ආණ්ඩුව ඉදිරිපත් කළ ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ලැබී ඇති බැවින් ඒ සම්බන්ධ ඉදිරි පියවර ගැන නීති උපදෙස් පතන බවද ඇමතිවරයා සඳහන් කර ඇත.

අදාල පාර්ශවයන් සමග සාකච්ඡා සහ උපදේශන වලින් තොරව නීතිය බලාත්මක නොකර බවද අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

සබැඳි පුවත් :
සමාජ මාධ්‍ය නියාමන පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දෙයි


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්