අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අද වනවිට ඉන්දියාවේ දේපළක් වී ඇති බව

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ අද (07) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

 අගමැති මෝදිගේ උපන්දිනය යෙදෙන දා ඔහුගේ ගමේ අවසන් තරගය පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවත් ඔහු කියා සිටියේය.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පාලනය කරන්නේ ඉන්දියාව විසින් නිසා මෙරට තේරීම් කමිටුව පත්කළ පසු ICC විසින් ලංකාවේ ක්‍රිකට් තහනම් කරන බව දැනුම්දේ යැයි ද හෙතෙම සඳහන් කළේය.

ඔහු එහිදී මෙසේද පැවසීය.

”ICC එක කියන්නේ ඉන්දියාවේ දේපළක් බවට පත්වුණ එකක්. ලෝක කුසලාන තරගාවලියේදී ලබාදුන් ඇතැම් තාක්ෂණික තීන්දු නිවැරදිද යන්න පිළිබඳව මේ වනවිට මතභේද පවතිනවා. විනිශ්චකරවරයා කියනවා අවුට් කියලා තාක්ෂණික වශයෙන් පෙනෙනවා අවුට් නෑ කියලා. ඒවා විශාල වශයෙන් අවධානයට ලක්වෙලා තියෙනවා.

ඒ වගේම ක්‍රිකට් පාලක මණ්ඩලය විතරක් නෙවෙයි තේරීම් මණ්ඩලය තමයි ලොකුම අවුල තියෙන තැන. මම පෞද්ගලිකව මේක දන්න නිසයි කියන්නේ ටොස් එක දින්න ඉන්දියාව එක්ක මැච් එකේ මහේල ජයවර්ධන ඔහු හොඳ දක්ෂ ක්‍රීඩකයෙක්, මට ඔහුත් එක්ක පෞද්ගලික තරහක් නැහැ. ඔහු තමයි කණ්ඩායම් නායකයට උපදෙස් දීලා තිබුනේ ටොස් එක දින්නත් බැට් කරන්න එපා ඒ අයට බැට් කරන්න දෙන්න කියලා. පස්සේ ඉන්දියාවේ ක්‍රිකට් නායකයෝ කියනවා අපි ටොස් එක දින්නත් අපි හිටියේ බැට් කරන්න අවස්ථාව ගන්න අපි පුදුම වුණා ලංකාව ටොස් එක දිනලත් අපිට මේ අවස්ථාව දුන්නම. මේ වගේ තීරණ පිටිපස්සේ තියන කතා මොනවා වෙන්න පුලුවන්ද.

අද ඉන්දියාව ක්‍රිකට් වල විශාල ආධිපත්‍යක් පතුරවලා තියෙනවා. ක්‍රිකට් කියන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාවක් නම් ඒ පවත්වන රට ඒ රටට තියෙන ශක්තිය ප්‍රදර්ශනය කරන්න ඕන නෑ ක්‍රිකට් වලින්. ඒ නිසා අපි ඒවා ගැන සලකා බලන්න ඕන.”

 (ceylonwire.lk)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්