නව හැවිරිදි දරුවකුට පාසල තුලදී ගුරුවරියක වදහිංසා කිරීම සම්බන්ධයෙන් සිසුවාගේ දෙමාපියන් අධ්‍යාපන බලධාරීන් රැසකට මෙන්ම පොලීසියට ද

පැමිණිලි කර තිබේ.

හැටන් අධ්‍යාපන කලාපයේ බොගවන්තලාව කර්කස්වෝල්ඩ් වතුයායේ අංක 2 දෙමළ විදුහලේ 4 ශ්‍රේණියේ ඉගනුම ලබන සිය පුතුට ඉංග්‍රීසි ගුරුතුමිය විසින් නොවැම්බර් 6 වැනිදා මුගුරකින් පහරදීම සම්බන්ධයෙන් සිසුවාගේ දෙමාපියන් විසින් එදිනම බොගවන්තලාව පොලීසියට පැමිණිලි කර ඇති බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

ඔවුන් වැඩි දුරටත් සදහන් කරන්නේ සිසුවාගේ දෙමව්පියන් විසින් මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට, මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට මෙන්ම හැටන් අධ්‍යාපන කලාප කාර්යාලයටත් පැමිණිලි කර ඇති බවයි.

සිසුවා බොගවන්තලාව ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කිරීමටත් දෙමාපියන් කටයුතු කර තිබේ.

ඉංශ්‍රිසි ගුරුතුමිය විසින් ඉගැන්වීමේ කටයුතු වල නිරතව සිටින මොහොතේ මෙම සිසුවා සිය මිතුරා සමග පංති කාමරය තුළ කතා කරමින් සිටීම නිසා කෝපයට පත් ගුරුතුමිය කෝටුවකින් සිසුවාගේ දකුණු අතට සහ පිට කොන්දට පහර දී ඇති බව පොලීසිය කළ විමර්ශන වලදී තහවුරු වී ඇති බව පළත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

 ශ්‍රී ලංකාවද අනුමත කර ඇති ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය ප්‍රකාර පාසල තුළ විනය ආරක්ෂා කිරීමේදී ශාරීරික දඬුවම් දීමෙන් වැළකී සිටීමටත්, පාසල් විනය පරිපාලනය ළමයාගේ මානව ගරුත්වය රැකෙන ආකාරයෙන් සිදුකිරීමටත් දී ඇති නිර්දේශ පිළිබදව දිවයිනේ සියළු පාසල් දැනුවත් කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පසුගිය වසරේද  අධ්‍යාපන අමාත්‍යාංශය වෙත අවධාරණය කර තිබුනි.

එම මාර්ගෝපදේශ ඇතුලත් කොට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් හදුන්වා දී ඇති පාසල තුළ විනය ආරක්ෂා කිරීම සඳහා වන 12/16 චක්‍රලේඛය ගුරුවරුන්ගේ විවේකාගාරවල ප්‍රදර්ශනය කිරීමේ අවශ්‍යතාවයද එහිදි මතු විය.

පාසල්  දරුවන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම පිළිබදව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර තිබෙන චක්‍ර ලේඛයට පටහැනිව කටයුතු සිදුකිරීම තුල පාසල් පද්ධතියට එරෙහිව බරපතල සමාජ විරෝධයක් එල්ල වී තිබෙන ආකාරය ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් විසින්ද අවස්ථා ගණනාවකදීම පෙන්වා දී තිබේ.

සිසුන්ට දඬුවම් දෙන ගුරුවරුන්ට එරෙහිව ළමුන් කෘරත්වයට භාජනය කිරීම සහ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම යටතේ නඩු පැවරිය හැකි බවත්, විනය ක්‍රියාමාර්ග ගත හැකි බවත් අධ්‍යාපන අමාත්‍යංශ චක්‍රලේඛයේ දැක්වේ.

 

1929 si

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්