ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර, සේවා අවශ්‍යතාවය මත නැවත සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවයට කැදවීමට

සෞඛ්‍ය ලේකම් අමාත්‍යංශ ලේකම්වරයා තීරණය කර ඇත. 

ව්‍යාජ ලේඛන ඉදිරිපත්කර ප්‍රමිතියෙන් තොර 'ඉමුයුනෝග්ලොබියුලින්' ප්‍රතිදේහ එන්නත් දිවයින පුරා රජයේ රෝහල්වලට බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේවනවිට විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇති අතර ඒ පිට දමා මෙම ස්ථාන මාරුව ක්‍රියාත්මක කර තිබේ. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආන්දෝලනාත්මක Isolez Biotech Pharma සමාගමේ හිමිකාර සුගත් ජනක ප්‍රනාන්දු හෙවත් අරුණ දීප්ති නැමැත්තාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රිමාන්ඩ් භාරයට පත්කර ඇත. 

එසේම, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම්  අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක ට රටින් පිටවීම තහනම් කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම පසුගියදා විදේශ ගමන් තහනමක් පැන වූවාය.

මෙම බරපතල විෂමාචාරය සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී, විශේෂඥ වෛද්‍ය විජිත් ගුණවර්ධන විසින් ඔක්තෝම්බර් 03දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබිණ. 

jljdfle

හොර ඉමියුනෝග්ලොබියුලින් රෝගී ශරීර වලට ඇතුලු කිරීම දක්වා සිදුවූ සම්පූර්ණ වංචාව සිදු කර ඇත්තේ, අවම තරමින් හොර WoR ලිපියේ ඔරිජිනල් පිටපතක් පවා නොමැතිව බව හොර WoR ලිපියේ ඔරිජිනල් පිටපත සොයා ගැනීමට නොහැකිවීම මගින් තහවුරු වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති
රවී කුමුදේශ් පවසයි.

 

ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය පිටි දමා 'ගේමක්' දෙන සුදානමක් !

මේ අතර සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති, රවි කුමුදේශ් පවසන්නේ, ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය පිටින් දමා, සෞඛ්‍ය ලේකම් පුටුවත් වෛද්‍ය නිළධාරියෙකුගෙන් පිරවීමේ කුමන්ත්‍රණයක් දියත්ව ඇති බවයි.

 

*අත්සන් නොගහා මග හැරපු නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්ලාගේ සිට සියළු දෙනාට දඬුවම් ලැබිය යුතුයි. සෞඛ්‍ය ලේකම්ව විශ්‍රාම යවා සියල්ල වසා ගන්න හදන්නේ. කාවවත් නිකන් යවන්න එපා. වැරදි කල සහ වගකීම් පැහැර හැරපු සියළු දෙනා දඬුවම් ලැබිය යුතුයි. 

 

සෞඛ්‍ය සේවයේ හොරකම් සිදු කරනු ලබන්නේ සහ සිදු කල හොරකම් සදහා වග කිව යුත්තේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිළධාරීන් පමණක් නොවන බැවින්, ඔවුන්ව පමණක් ඉවත් කිරීම, සැබෑ තාක්ෂණික හොරුන් ආරක්ෂා කිරීම උපක්‍රමයක් බවද රවී කුමුදේශ් කියා සිටියි.


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්ගේ නියෝගයකට අනූව, ලබන වසර සඳහා ඇනවුම් කල හැකි ඖෂධ, ශල්‍ය උපකරණ සහ රාසායනාගාර අවශ්‍යතා ලේඛණය 60% කප්පාදුකර ඇති බවත්, ඒ අනූව ඖෂධ 497 ක්, ශල්‍ය උපකරණ 5301ක් සහ රසායනාගාර උපකරණ සහ අනෙකුත් අවශ්‍යතා 2219ක් සැපයුම් ලේඛණයෙන් ඉවත් කර ඇති බවත් ඔහු කියා සිටියි. 

ඉවත් කල ඖෂධ අතර ඇතැම් පිළිකා ඖෂධ මෙන්ම විටමින් C වැනි අතිශය අඩු වියදමකි සැපයිය හැකි ඖෂධ පවා සීමා කොට ඇත. 

මෙය රහසිගත ලෙස නිදහස් සෞඛ්‍ය සේවාව හැකිලවීමේ සැලසුමක් වන අතර රසායනාගාර අවශ්‍යතා තීරණය කිරීම සඳහා ඊට අදාල කිසිදු වෘත්තීයවේදීයෙකු සමග සාකච්ඡාක් පවා සිදු කර නොමැති බව රවී කුමුදේශ් වැඩිදුරටත් කියා සිටියි. 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්