ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය පිළිබඳ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද (නොවැම්බර් 8 වැනිදා) පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් කළේය.



ශ්‍රී ලංකා ක්‍රිකට් ලියාපදිංචිය අවලංගු කර ක්‍රිකට් අතුරු පාලක කමිටුවක් පත් කිරීමට තමා ගත් තීරණය පිළිබඳ ඔහු එහිදී පැහැදිලිකර සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුව ඇතැයි කියන දූෂණ හා අක්‍රමිකතා හේතුවෙන් තමා එම පියවර ගත් බව ඔහු සඳහන් කළේය.

“ජනතාව මාව විශ්වාස කරලා තමා ඡන්දය දුන්නේ. ඒ මිනිස්සුන්ගේ විශ්වාසය මම කවදාවත් කඩන්නේ නැහැ ගෙදර ගියත්. මම වැරැද්ද පෙන්වලා දීලා තියනේනේ. ජනාධිපතිතුමාට පැහැදිලිව හරියට මේ ගමන යන්න අපි වැරැද්ද පෙන්වන්න ඕනේ. එකට ඉන්නවා නම් මිනිහෙක් අමාරුවෙ වැටෙන කම් ඉදලා ලිස්සලා යන එක නෙමේ වගකීම. අන්න ඒ වගකීමයි මම ඉෂ්ට කරන්නේ මහජනතාව වෙනුවෙන්.” අමාත්‍යවරයා පැවසීය.

“මේක වෙනස් කරන්න මේ විදිහට බැහැ. මම සියලු දෙනාගෙන්ම ඉල්ලනවා , මේ දුෂිත හොර තක්කඩි රැල. මේ රටේ ක්‍රිකට් කාබාසිනියා කරපු රැල, සූදු කාරයෝ විදිහට මේ රටේ සූදු ප්‍රවර්ධනය කරන රැල ගෙදර යවන්න මම ජනාධිපතිතුමා, අගමැතිතුමා, ආණ්ඩුව , කැබිනට් එක , විපක්ෂය, මේ 225, මේ රටේම සහයෝගය ඉල්ලා සිටිනවා.” යැයි, ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.



හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වංචා දූෂණ සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ සිදුකළ විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන්, ක්‍රිකටි පාලක මණ්ඩලයට විරුද්ධව පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ගත යුතු බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කළ යෝජනාවක් සලකා බැලීම සඳහා පක්ෂ නායක රැස්වීමක් කැඳවන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ නිවේදනය කළේය.

ඒ අනුව අදාළ පක්ෂ නායක රැස්වීම පැවැත්වීම සඳහා සභාව තාවකාලිකව නතර කරන බවද අජිත් රාජපක්ෂ සඳහන් කළේය.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්