ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන්

කරුණු විමසීම  සඳහා එහි ප්‍රධානීහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) හමුවට ලබන 14 වැනිදා අඟහරුවාදා සවස  2.00 ට කැඳවනු ලැබ සිටිති.

එහිදී එම දූෂණ වංචා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි එම කමිටුව පවසයි.

ශ්‍රී ලංකන් ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ගැටලුවක් පවතීනම් ඒ පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට යොමු කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන, ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ට  පාර්ලිමේන්තුවේ දී අද (10)දැනුම් දුන්නේය.

මේ අතර ක්‍රීඩා අමාත්‍යාංශය අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීම අමාත්‍ය රොෂාන් රණසිංහ ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා  පැවැත්වුණද ඊට  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් සහභාගී වූයේ නැත.

මේ පිළිබඳව  ක්‍රිකට් ආයතන බලධාරීන් පාර්ලිමේන්තුවේදී ඊයේ  විවේචනය  කෙරිණ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්