ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ

සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබිණ.

"ශ්‍රී ලංකන් ගුවන් සේවය එයාර්බස් මිලදී ගැනීමේ දී සිදු වූ මුදල් අක්‍රමිකතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වන විමර්ශනවල ප්‍රගතිය සැලකිල්ලට ගනිමින් නීතිපතිවරයා කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා නියෝග කර තිබෙනවා," යැයි නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ නීතිඥ නිශාරා ජයරත්න බීබීසී සිංහල සේවය වෙත යොමු කළ නිවේදනයක දැක්වේ.

ඒ අනුව, මුදල් විශුද්ධිකරණ පනත යටතට ගැනෙන චෝදනා යටතේ කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇත.

කපිල චන්ද්‍රසේන සහ බිරිඳට එරහිව ඇති චෝදනා මොනවාද?


කොටුව මහේස්ත්‍රාත් අධිකරණ නඩු අංක බී 14363/19 අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙතෙක් සිදුකළ විමර්ශනවලින් සනාථ වී ඇති කරුණු:

  1 -Biz Solutions නැමැති සමාගම ප්‍රියංකා නියෝමාලි විජේනායක නැමැත්තිය නමින් ලියාපදිංචි වී ඇති අතර ඇය එම සමාගමේ එකම අධ්‍යක්ෂිකාවය.

    2 -මෙම සමාගම පවත්වාගෙන ගිය ගිණුමට 2013.12.27 වෙනි දින ඇමරිකානු ඩොලර් මිලියන දෙකක් EADS HQ/ SSC France නැමැති ප්‍රංශ සමාගමක් විසින් ඒවා ඇති අතර, කපිල චන්ද්‍රසේන එම මුදල ඔස්ට්‍රේලියාවේ Commonwealth Bank හි පවත්වාගෙන ගිය ගිණුමකට මාරු කර තිබිණි.

    3 - Biz Solutions සමාගමට අයත් ගිණුම 2015.11.25 වෙනි දින වසා දමා ඇති අතර, ඒ වන විට එහි කිසිදු මුදලක් තිබී නොමැත.

    4 -ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රංශයේ Airbus SAS සමාගම සමග A330-900 වර්ගයේ ගුවන් යානා හතරක් සහ A330-300 වර්ගයේ ගුවන් යානා හයක් මිලදී ගැනීමට 2013.05.16 වෙනි දින අවබෝධතා ගිවිසුමකට එළඹී ඇත.

    5 -ඉහත සඳහන් EADS HQ/ SSC France නැමැති සමාගම Air Bus SAS සමාගමේ මව් සමාගම වේ.

    6 -කපිල චන්ද්‍රසේන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස 2011.08.01 වෙනි දින පත් කර ඇති අතර, 2015 ජනවාරි මස දක්වා එම තනතුරේ කටයුතු කර ඇත.

 110741985 gettyimages 114392500 594x594 ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2011 දී මිලදී ගත් A320 ගුවන් යානයක් පිළිගන්නා අයුරු..

ඉහත දැක්වෙන කරුණුවලින් පහත සඳහන් කරුණු අනාවරණය වේ:

   #  ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ලෙස රාජකාරි කළ කපිල චන්ද්‍රසේන වෙත EADS HQ/ SSC France yana Air Bus SAS සමාගමේ මව් සමාගම ඇමරිකානු ඩොලර් මිලියන දෙකක් ඔහුගේ බිරිඳවන ප්‍රියංකා නියෝමාලි විජේනායක යන අයගේ ඉහත දැක්වූ ගිණුම හරහා අල්ලස් හෝ තුටු පඬුරු වශයෙන් ගෙවා ඇති බව.

    # එම මුදල බාර ගැනීම සිදු කර ඇත්තේ සිංගප්පූරුවේ ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුවේ Biz Solutions නමින් ප්‍රියංකා නියෝමාලි විජේනායක පවත්වාගෙන ගිය ගිණුමෙන් බව.

    # ඉන් අනතුරුව ප්‍රියංකා නියෝමාලි විජේනායක සිය සැමියා වන කපිල චන්ද්‍රසේනගේ ඕස්ට්‍රේලියානු Commonwealth Bank ගිණුමට එම මුදල් කොටස් වශයෙන් යැවීමෙන් මුදල් විශුද්ධිකරණය කිරීමේ වරද සිදු වී ඇති බව,

    # කපිල චන්ද්‍රසේන මුදල් විශුද්ධිකරණය කිරීමේ වරද සිදු කර ඇති බව පෙනී යන අතර, ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක නැමැත්තිය එයට ආධාර අනුබල දී ඇති බව පෙනී යයි. තවද , මෙම දෙදෙනා ඉහත කී මුදල් විශුද්ධිකරණය කිරීමේ වරද සිදු කිරීමට දැනට පැමිණිල්ල නොදත් තවත් පුද්ගලයන් සහ සමාගම් සමග කුමන්ත්‍රණය කර ඇති බවද පෙනී යයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2018 ඔක්තෝබර් 26 එවකට සිටි අගමැති රනිල් වික්‍රමසිංහ ධූරයෙන් නෙරපා හැර මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමෙන් අනතුරුව දේශපාලන අර්බුදය සමයේ කපිල චන්ද්‍රසේන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපතිවරයා නැවත පත් කරන ලදී. 


(බීබීසී සිංහල සේවය)


වීඩියෝ 

                         
සබැඳි පුවත් :

ශ්‍රීලන්කන් ගුවන් යානා මගඩිය : පොලිසිය සොයන කපිල චන්ද්‍රසේන කාගේ කව්ද ?

ශ්‍රී ලන්කන් ගුවන් යානා මගඩිය : කපිල චන්ද්‍ර‍සේන සහ බිරිඳ අත්අඩංගුවට ගන්නැයි නියෝගයක් - කතාව මෙන්න 

ශ්‍රී ලන්කන් ගුවන් යානා මගඩිය :අල්ලස් ගෙවූ සමාගමෙන් වන්දි ගැනීමට ජනපතිට අවස්ථාවක් ! 

ශ්‍රී ලන්කන් ගුවන් යානා ගනුදෙනුවෙන් 'අල්ලස් ගත් කත' හඳුනාගෙන ! - ජනාධිපති නියෝගයෙන් අභ්‍යන්තර අවුලක් !! පහුගිය ආණ්ඩුවේ ලොක්කෙකුත් මාට්ටු !!

'ශ්‍රී ලංකන්' ගනුදෙනුවකින් ඩොලර් මිලියන 2ක අල්ලසක් ගත් කාන්තාව කවුද? ජනපති නියෝගයෙන් විමර්ශනයක්!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්