වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ

අනුමැතිය හිමිව තිබේ.

කථානායක, මහින්ද යාපා අබේවර්ධන විසින් ඒ බව දැනුම් දී ඇත.

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පසුගිය දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එම ධුරයට පත් කෙරුණි.

ඒ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුවය.

2023.11.29 වනදා සිට මාස 03ක කාලයක් සඳහා අදාළ පත්කිරීම සිදුකර තිබේ.

මෙතෙක් පොලිස්පති ධුරයේ කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න ඉකුත් 24වනදා සිය ධුරයෙන් විශ්‍රාම ගන්නා බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දැනුම්දී ඇති බවට පොලිස් ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වී තිබුණි.

ඒ, සිව්වන වරටත් ඔහුට ලබාදුන් සේවා දිගුව අවසන්වීම සැලකිල්ලට ගනිමිනි. 

සී.ඩී. වික්‍රමරත්න පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබුණේ පසුගිය මාර්තු මස 25 වනදාය.

කෙසේවෙතත් ජනාධිපතිවරයා ඔහුට මාස 3ක සේවා දිගුවක් ලබාදුන් අතර එම කාලය අවසන්වීමෙන් පසු ජූලි මස 9 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි තවත් මාස 3ක සේවා දිගුවක් ඔහුට හිමිවිය.

තෙවන වරට තවත් සති 3ක සේවා දිගුවක් පසුගිය ඔක්තෝබර් 13වනදා සී.ඩී. වික්‍රමරත්න ට ලබාදුන් අතර සිව්වන වරට ලබාදුන් සේවා දිගුව නොවැම්බර් මස 3 වනදා සිට 24 දිනය දක්වා ක්‍රියාත්මක විය.

කෙසේවෙතත් සී.ඩී. වික්‍රමරත්න ට මෙලෙස සේවා දිගු හිමිව තිබුණේ ඔහුගේ සේවා දිගු අනුමත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබු පසුබිමකය.

මේ අතර වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථා සභාව දැනුම්වත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගෙන තිබුණි.

සබැඳි පුවත් :
දේශබන්දුගේ නම ව්‍යවස්ථා සභාවට

පාස්කු ප්‍රහාරයේදී රාජකාරිය මගහැරී නිලධාරීන්ට රැකවරණය දීම වැරදියි - විපක්ෂනායක

දේශබන්දු ගේ පත්කිරීම ගැන කතෝලික සභාවේ විරෝධය

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්