අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සාමාජිකයන් පත් කිරීමට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබේ.

ඒ අනුව එහි සභාපතිවරයා ලෙස විනිසුරු ඩබ්. එම්. එන්. පී. ඉද්දවල පත් කර තිබෙන අතර සෙසු සාමාජිකයන් ලෙස චේතිය ගුණසේකර සහ බර්නාඩ් රාජපක්ෂ පත් කර ඇත.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 බී වගන්තිය සහ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 4 වැනි වගන්තිය ප්‍රකාරව 2024 ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම් සිදු කර තිබේ.

විනිවිදභාවය, වගවීම සහ රාජ්‍ය සේවයේ සෑම තරාතිරමකම දූෂණය පිටු දැකීම සඳහා රජයේ කැපවීම මෙම පියවර මගින් අවධාරණය කරනු ලබයි.

රාජ්‍ය සේවයේ සදාචාරාත්මක වටිනාකම් සහ යහපැවැත්ම ආරක්ෂා කරමින් සියලු ආකාරයේ දූෂණය මැඩලීමට අලුතින් පත් වූ සභාපතිවරයා සහ සාමාජිකයින් තම දීර්ඝකාලීන අත්දැකිම් ඔස්සේ කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ

දූෂණයට එරෙහිව සටන් කිරීමේ ශ්‍රී ලංකාවේ වගවීම සහතික කරන ප්‍රමුඛ ආයතනය ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කටයුතු කරයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්