ප්‍රවීන මාධ්‍යවේදීයකු හා ප්‍රකට දැන්වීම් නිර්මාණ ශිල්පීයකු වූ හරිත් ගුණවර්ධන මහතා

අද (28) උදැසන අභාවප්‍රාප්ත විය.

ඔහුගේ දේහය අංක 181/B/1/6, සුහඳ මාවත, ඇරැව්වල පාර, මොරකැටිය, පන්නිපිටිය නිවසේ තැම්පත්කර ඇති අතර අවමංගල්‍ය කටයුතු සෙනසුරාදා (30) පස්වරු 4.00ට ඇරැව්වල පොදු සුසාන භූමියේදී සිදුකරනු ලබන බව පවුලේ ඥාතීහු පවසති.

ඉරිදා දිවයින පුවත්පතට දසක කිහිපයක් පුරා ඔහු විසින් රචිත ''කිංබානට්'' දේශපාලන ලිපිය අතිශයින්ම ජනප්‍රිය  වුවකි.

 ඇටමැස්සා සහ ඇඩ්වර්ටයිසිං ලෝකය ඔහු විසින් 'ද ලීඩර්' වෙබ් අඩවියට ලියන ලද සුවිශේෂී විශේෂාංග ලිපි පෙළකි.

සැලසිනේ ආයතනයේ සභාපතිවරයා වන හරිත් ගුණවර්ධන මහතා, මෙරට ප්‍රකට දැන්වීම් ආයතන කිහිපයකම සේවය කල නිර්මාණ ශිල්පියෙකි.

ඔහු  කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවකු වන අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකුද වේ.

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්