දරුවන් අතරේ කොව්ඩ් රෝගය පැතිරීමේ කොව්ඩ් පැතිරීමේ අවදානමක් පවතින හෙයින් පරිස්සම් කරන ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ

ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මවුපියන්ගෙන් ඉල්ලීමක් කරයි.

කොව්ඩ් දරුවන් දෙදෙනකු පසුගිය දින කිහිපයේදී සොයා ගැනුණු බවද ඔහු සඳහන් කළේය.

සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ පවතින දරුවන් සිටී නම් ඔවුන් අනිවාර්යයෙන්ම මුව ආවරණ පැළඳීම වැනි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීම වැදගත් බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා, මෑතකදී පරීක්ෂාවට ලක් කෙරුණු දරුවන් අතරින් බහුතරයකට වැළඳී තිබුණේ ඉන්ෆ්ලූවන්සා වයිරසය බවද ප්‍රකාශ කළේය.

දරුවන් අතර ඉහළ ස්වසන මාර්ගයේ රෝග කීපයක් පසුගිය දිනවල පැතිරුණු බවත් වයිරස රෝග ඉන් ප්‍රධාන බවත් ඔහු කීවේය.

මීට අමතරව පාචන රෝගය වැළඳුණු දරුවන් කිහිප දෙනකුද සොයා ගැනුණු බව පැවසූ දීපාල් පෙරේරා, ඩෙංගු රෝගය සහ ළමා හතිය වැළඳුණු දරුවන් බහුලව හමුවන බවද ප්‍රකාශ කළේය.


කොවිඩ් පරීක්ෂණ දෙගුණ කරයි


මෙරට කොවිඩ් පරීක්ෂණ ගණන දෙගුණයක් කළ බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පැවසීය.

ලෝකය පුරා අලුත් කොවිඩ් ප්‍රභේදයක් පැමිණ ඇති නමුත් කොරෝනා යළි පැතිරීමක් සම්බන්ධයෙන් බොරු බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බව ඔහු කීය.

කොරෝනා මෙන්ම වසංගත රෝග සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සෙවිල්ලෙන් සිටින බවත්, බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වැඩි වී ඇති අතර   රෝග මර්දනය කිරීමේදී ජනතාවටත් වගකීමක් පැවරෙන්නේ යැයි රත්නප්‍රිය තවදුරටත් සඳහන් කළේය.

ඔහු එබව කියා සිටියේ, සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය හමුවකදීය.

(lankadeepa.lk)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්