තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා දස ලක්ෂයක් ලබාදීමේ “ඩී.පී.එඩියුකේශන් සිලිකන් වැලි අයි.ටී.ඔෆිස්”

වැඩසටහන නිල වශයෙන් තිස්සමහාරාමයෙන් ආරම්භ කරයි.

තොරතුරු තාක්ෂණික රැකියා දස ලක්ෂයක් ලබා දීමේ සමාරම්භක වැඩසටහන අද (10) තිස්සමහරාම ප්‍රදේශයෙන් ආරම්භ වුණි.

එහිදී “ඩී.පී.එඩියුකේශන් අයි.ටී. කැම්පස්” ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ඩී.පී.එඩියුකේශන් සිලිකන් වැලි අයි.ටී.ඔෆිස් පළමු මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත කිරීම තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උද්ධකන්දර රජමහා විහාරස්ථානයේදී, උද්ධකන්දර රජමහා විහාරයේ විහාරාධිකාරී පූජ්‍ය බෙරලිහෙල පදුම ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ ඩී.පී එඩියුකේශන් නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

අයි.ටී. කැම්පස් ව්‍යාපෘතිය තුලින් ශ්‍රී ලංකාවේ ජනිත කිරීමට අපේක්ෂිත තොරතුරු තාක්ෂණ රැකියා මිලියනයක් බිහි කිරීමේ වැඩසටහනට සවියක් වීම “ඩී.පී. එඩියුකේශන් සිලිකන් වැලි අයි.ටී. ඔෆිස් ”  ස්ථාපිත කිරීමේ මූලිකම පරමාර්ථයයි.  

මෙහිදී උද්ධකන්දර රජමහා විහාරයේ ස්ථාපිත කර ඇති  ඩී.පී.එඩියුකේශන් අයි.ටී. කැම්පස් හි ඉගෙනුම ලැබූ සිසුන් 20 දෙනකු අලුතින් ස්ථාපිත කරන ලද සිලිකන් වැලි අයී.ටී.ඔෆිස් හි “ ෆුල්-ස්ටැක් ඩිවලොපර්” තනතුරෙහි රැකියා ගත කිරීමද ධම්මික පෙරේරා විසින් සිදු කරන ලදී.

මෙහි ප්‍රධාන දේශනය පවත්වමින් ධම්මික පෙරේරා මෙසේ පැවසිය.

''තොරතුරු තාක්ෂණයට අදාල රැකියා දස ලක්ෂයක් හදන එක මගේ හීනයක්''


ljdjff
“මේ ස්වාමීන්වහන්සේ දිනකට පැය 16ක්ම ළමයි වෙනුවෙන් කැප වෙලා තියෙන්නේ. මොකද මම එහෙම කියන්නේ මේ අපේ ඩී.පී.එඩියුකේශන් කැම්පස් එක දිනකට පැය 16ක් ඇරල තියෙන්නේ. එහෙම කරලතමයි ස්වාමීන්වහන්සේ මේ ප්‍රදේශයේ ළමුන්ට ඉගෙන ගන්න අවස්ථාව හදල දීල තියෙන්නේ. ඒකෙ ප්‍රතිඵල විදියට අද මට පුලුවන් වුනා ළමුන් 20 දෙනකුට රැකියාවන් ලබා දෙන්න.

ලෝකයේ දැන යන විදියත් එක්ක විශ්ව විද්‍යාල අවුරුදු තුන හතර කියන ඒවා, වෘත්තීය පුහුණු අවුරුදු තුන හතර කියන ඒවා ඉදිරියේදී අඩු වෙනවා. මොකද කියනවනම් අවුරුදු 18 සම්පූර්ණ වුනු ළමයෙක් ඒ තරම් කාලයක් ඒ සඳහා යෙදෙන එක අමාරුයි. දැන් තියෙන ආර්ථිකයත් එක්ක දෙමාපියන්ටත් එතරම් කාලයක් ළමයකුට අවශ්‍ය පහසුකම් සලසන්න අමාරුයි.

දැන් ඉන්දියාව වගේ රටවල් වල වෘත්තීය පුහුණුව මාස 6 ත් 8ත් අතර කාලයකින් අවසන් කරන්න ඕන කියල නීති හදල තියෙන්නෙ. ඒ ගැන හිතල තමයි මම ඩී.පී. එඩියුකේශන් කැම්පස් එක හදන කොටම එහි ඉගෙන ගන්න ළමුන්ට මාස 6ත් 9ත් අතර කාලයේදී රැකියා සඳහා යාමට අවශ්‍ය දැනුම කුසලතා ලබා දෙන්නේ. ඒ අනුව ඒ පාඨමාලා හදාරපු වයස සම්පූර්ණ වූ ළමුන්ට අවශ්‍ය රැකියා ලබා දෙන්න මට පුලුවන්. උදාහරණයකට ගත්තොත් අද මේ රැකියා ලබන ළමුන් 20 දෙනා මේ කැම්පස් එකත් සමග එකතුවෙන්නේ 2023 පෙබරවාරි මාර්තු වගේ කාලවල. එහෙම ආපු ඔවුන්  මාස 09කට පස්සේ අද රැකියා ලබාගන්නවා.  


ශ්‍රී ලංකාවේ පාසල් දස දහසක ගණන් ඉගැන්නුවට ඒ ලෙවෙල් වලදී ගණන් උගන්වන්න තියෙන්නෙ පාසල් 550යි. එතකොට තියෙන මතයක් තමයි ගණිතය බැරිනම් අයි.ටී. කරන්න බැහැ කියන මතය. අපි ඒ මතය සම්පූර්ණයෙන්ම ඉවත් කරල තියෙන්නෙ. ඕනම කෙනෙකුට ඇවිත් මේ අපේ කැම්පස් තුල ඉගෙන ගන්න අවස්ථාව සලසල දීල. රටට සංවර්ධනය කරා ගෙන යන්න නම් අපිට ඩොලර් අවශ්‍යයි. ඒ ගැන හිතල තමයි අපි සැලැසුම් කලේ “තොරතුරු තාක්ෂණ රැකියා කාලාප” බිහි කරන්න.


''ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් දෙන්න අපට පුළුවන් ''

තොරතුරු තාක්ෂණ රැකියා කලාපයේ පළමුවන කාර්යාලය තමයි අපි දැන් මේ විවෘත කළේ. ඒ කියන්නේ ඉදිරියේදී මේවගෙන් රටට එන්නේ ඩොලර්. අද මේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසෙම ඩී.පී.එඩියුකේෂන් කැම්පස් තුනක් විවෘත කරල තියෙන්නේ. ඉදිරියේදී තවත් තුනක් මේ ප්‍රදේශයේම විවෘත කරන්න මම බලාපොරොත්තු වෙනවා. එතකොට තොරතුරු තාක්ෂණ රැකියා කලාප බිහි කරන්න අපිට පහසුවෙනවා” යැයි ධම්මික පෙරේරා  පැවසීය.

“ව්‍යාපාරිකයෙක් විදියට මට බැහැ තනියෙන් ගිහින් මුලු රටම ගොඩ දාන්න. ඒක පවතින ආණ්ඩුවෙ වැඩක්. කොහොම වුනත් ඉදිරියේදී ඩී.පී.එඩියුකේශන් එකට පුලුවන් තොරතුරු තාක්ෂණ රැකියා කලාප ශ්‍රී ලංකාව පුරාම බිහි කරන්න. මේ තුලින් අපිට පුලුවන් ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් දෙන්න. සමාජයට යම් දෙයක් කරන්න ඕන කියල හිතන කොටසකුත් මේ සමාජය තුල ඉන්නවා. එහෙම අය තමයි අද මේ අපි දුන්න රැකියා 20 හොයාගන්න උදව් කළේ.

මගේ හීනයක් තමයි තොරතුරු තාක්ෂණයට අදාල රැකියා දස ලක්ෂයක් හදන එක. අද වෙන කොට ළමයි දෙලක්ෂ තිස් දහසක් ඉගෙන ගනිමින් ඉන්නවා තොරතුරු තාක්ෂණය සම්බන්ධව. අයි. ටී. කැම්පස් දිවයින පුරා 120ක් මේ වෙන කොට විවෘත කරල තියෙනවා. තව අවුරුදු කිහිපයක් යනකොට තොරතුරු තාක්ෂණ රැකියා කලාප හරහා රටට ඩොලර් ගේන එක එච්චර ලොකු දෙයක් වෙන එකක් නැහැ. මේ මුදල් ගමට ආවොත් විතරයි සුළු ව්‍යාපාර කියන ඒවා ගමේ රැඳි පවතින්නේ.

අද වන විට සුළු ව්‍යාපාර නැතිවෙමින් පවතින්නේ. එයට හේතුව ගම තුලට මුදල් ගලා නොඒම. ඒකට එකම උත්තරය තමයි ගමතුල රැකියා බිහි කරලා මුදල් ගමට එන්න සැලැස්වීම ඒක අපිට කරන්න පුලුවන්. මම ඒක දැන් කරල පෙන්නුව. අද මේ රැකියා ගත්ත ළමයි කොහොමද මෙහේ ඉඳන් කැනඩාවේ තියෙන කම්පැණියක වැඩ කරන්නේ කියල. මේ රට අපිට ගොඩගන්න පුලුවන්. ඒකට හැමෝම එකතු වෙන්න ඕන. ඒවගේම ඒකට සැලැස්මකුත් තියෙන්න ඕන.

 

දැන් හැමෝම කතා කරන්නේ ප්‍රශ්න විතරයි. ඒවට විසඳුම් ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ප්‍රශ්න වලට විසඳුම් දුන්න නම් රට නිකන්ම සංවර්ධනය වෙනවා” යැයි ඩී.පී.එඩියුකේශන් නිර්මාතෘ හා සභාපති ධම්මික පෙරේරා වැඩි දුරටත් පැවසීය.


තිස්සමහාරාම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මධ්‍යස්ථාන හයක ව්‍යාපෘති සියය සම්පූර්ණ කල සිසුන් සඳහා සහතික පත්‍ර ලබා දීමක්ද ධම්මික පෙරේරා විසින් සිදුකරන ලදී.

ඉදිරි වසර තුනක කාලය තුල සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන අයුරින් නවීන පරිගණක 7000කින් සමන්විත වන පරිදි “ඩී.පී.එඩියුකේෂන් අයි.ටී. කැම්පස්” විවෘත කිරීම ධම්මික පෙරේරා ගේ අපේක්ෂාවයි.

එමෙන්ම 2028 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ තරුණ කේතීකරුවන් මිලියනයක් බිහිකර  ඒ තුලින් ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමත්, තාක්ෂණික දැනුම ඇති  ගෝලීය වශයෙන් තරඟකාරී ශ්‍රී ලාංකිකයින් පිරිසක් බිහිකිරීමත්, ඉහළ වැටුප් හිමි රැකියා ක්ෂේත්‍ර ගණනාවක් සඳහා ප්‍රවේශ වීමේ දොරටු විවෘත කිරීමත්,  ධම්මික පෙරේරා මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුලින්  බලාපොරොත්තු වේ.

මෙම අවස්ථාව සඳහා ඩීපී එඩියුකේෂන් ප්‍රධාන විධායක නිළධාරිනි කව්ෂි අමරසිංහ සහ සීමාසහිත ඇඩ්වෙන්ටා ටෙක්නොලජීස් පුද්ගලික සමාගමේ සම-නිර්මාතෘ උදාන වික්‍රමසිංහ ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.

hdfsdf

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්