ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක මහත්මියගේ

ගිණුමෙන් ඩොලර් ලක්ෂ 8 ක්, 'සේබර් විෂන් හෝල්ඩින්' සමාගම අයත් නිමල් පෙරේරා නමැත්තකුගේ ගිණුමට බැර වී ඇති බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (19) හෙළි විය.

නිමල් පෙරේරා, නාමල් රාජපක්ෂට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධීකරණය හමුවේ පැවැති, මේ වන විට බහා තබා ඇති මුදල් විශූද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පැවරුණු නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකි.

ඒ අනුව, නිමල් පෙරේරාට විදෙස් ගමන් තහනමක් පැනවුණු අතර, ඔහුට අයත් මෙරට බැංකු ගිණුම් 4 ක විස්තර ලබා දෙන ලෙස ද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේ ය.

http://www.businesstoday.lk/cpanel/uploader/12946/PHOTO-2019-12-24-15-47-50.jpg

 

'ශ්‍රී ලංකා ඇඩ්වර්ඩ්ස්' සමාගමට යුරෝ එක්ලක්ෂ 60,000ක මුදලක් !

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ අධිකරණය හමුවේ කියා සිටියේ, කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා විජේනායක මහත්මියට අයත් ගිණුමෙන්, යුරෝ එක්ලක්ෂ 60,000ක මුදලක් 'ශ්‍රී ලංකා ඇඩ්වර්ඩ්ස්' නමැති සමාගමකට එවා ඇති බවයි.

එම සමාගමට ස්ථීර ලිපිනයක් නොමැති අතර, එහි අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු සිටින බවත් ඔවුන් සහෝදරයින් බවත් අධිකරණයේදී අනාවරණය විය.

බාල සහෝදරයාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගෙන ඇති අතර, අනෙක් සහෝදරයාට අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස කැඳවීම් කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව කපිල චන්ද්‍රසේන සම්බන්ධ විමර්ශන මන්දගාමී ඇයිදැයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක ඊයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසීය.

ඒ සම්බන්ධයෙන් යම් බලපෑමක් තිබේදැයි විමසු මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, එවැනි බලපෑමක් තිබේ නම් අධිකරණයට දැනුම් දෙන ලෙසයි.

මේ පිළිබඳව විමර්ශනය කරන ප්‍රධාන විමර්ශන නිලධාරීයා සති 2 ක් විදේශ ගතවීම නිසා විමර්ශන ප්‍රමාද වූ බව, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී අධිකරණයට දැනුම් දුන්නේ ය.

 

කපිල සහ බිරිඳ ප්‍රියංකා යළි රිමාන්ඩ්

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක මහත්මිය ලබන 4 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ ඔවුන් ඊයේ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

පසුගිය 6 වනදා ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගැනිණ.

ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර් බස් වර්ගයේ යානා 10ක් මිලදී ගැනීමේ ගනුදෙනුවේදී ඇමරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබාගෙන එය ඕස්ට්‍රේලියාවේ බැංකු ගිණුමකට විශුද්ධිකරණය කළ බව කියන චෝදනා යටතේ සැකකරුවන්ට එරෙහිව නඩුව ගොනු කර තිබේ.

(උපුටා ගැනීම : newsfirst.lk)

 

සබැඳි පුවත් :

ශ්‍රී ලන්කන් ගුවන් යානා අල්ලස් මගඩිය : ප්‍රියංකාගේ ගිණුමෙන් මුදල් එව්වේ කාටද ? - දේශපාලන පිටිය යළි උණුසුම් වේ!

කපිල චන්ද්‍රසේන, රන්ජන් රාමනායක සිටින වාට්ටුවේ !

ශ්‍රී ලන්කන් ගුවන් යානා මගඩිය : කපිල චන්ද්‍රසේන සහ බිරිඳ පොලිසියට බාරවේ - චෝදනා මෙන්න

ශ්‍රීලන්කන් ගුවන් යානා මගඩිය : පොලිසිය සොයන කපිල චන්ද්‍රසේන කාගේ කව්ද ?

ශ්‍රී ලන්කන් ගුවන් යානා මගඩිය : කපිල චන්ද්‍ර‍සේන සහ බිරිඳ අත්අඩංගුවට ගන්නැයි නියෝගයක් - කතාව මෙන්න

ශ්‍රී ලන්කන් ගුවන් යානා මගඩිය :අල්ලස් ගෙවූ සමාගමෙන් වන්දි ගැනීමට ජනපතිට අවස්ථාවක් !

ශ්‍රී ලන්කන් ගුවන් යානා ගනුදෙනුවෙන් 'අල්ලස් ගත් කත' හඳුනාගෙන ! - ජනාධිපති නියෝගයෙන් අභ්‍යන්තර අවුලක් !!

පහුගිය ආණ්ඩුවේ ලොක්කෙකුත් මාට්ටු !!

'ශ්‍රී ලංකන්' ගනුදෙනුවකින් ඩොලර් මිලියන 2ක අල්ලසක් ගත් කාන්තාව කවුද? ජනපති නියෝගයෙන් විමර්ශනයක්!

 

 

 

Apekshakaya

subscribeYT

Cyber Window

නවතම පුවත්

ඇඳිරි නීතිය ඉවත් කළ පසු...