Dream of Decade ව්‍යාපෘතිය සඳහා මූල්‍ය ප්‍රදානය සිදු කළ අවස්ථාව

 

මාතර, රාහුල විද්‍යාලයීය 2011 කණ්ඩායමේ වාර්ෂික මහා සභා රැස්වීම සහ සුහද හමුව වන ELEVENS ECHOES 2024 ජනවාරි මස 13 වැනි සෙනසුරාදා මාතර, ග්‍රෑන්ඩ් නැව්රෝ හෝටලයේදී පවත්වා තිබේ.

විද්‍යාලයේ විදුහල්පති සමිතා කුරුකුලසූරියගේ සහභාගිත්වයෙන් පැවැති මෙම අවස්ථාවට ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් නිර්මාල් ඉලංගමගේ, රාහුල ආදි ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන සංවිධායක සංජය කුමාර සහ 2011 කණ්ඩායමේ ආදි ශිෂ්‍යයෝ විශාල පිරිසක් සහභාගී විය.

රාහුල විද්‍යාලයීය ප්‍රධාන ශාලාව නැවත ඉදිකිරීමේ ව්‍යාපෘතිය වන Dream of Decade ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්‍ෂ 05ක මුදලක් ප්‍රදානය කිරීම ද මෙම වාර්ෂික මහා සභා රැස්වීමට සමගාමීව සිදු වු අතර විදුහල්පතිතුමිය, රාහුල ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම්තුමා සහ ප්‍රධාන සංවිධායක වෙත 2011 කණ්ඩායමේ නිලධාරීන් විසින් සංකේතීය වශයෙන් එම ප්‍රදානය සිදු කරන ලදී.

ඊට අමතර ඉදිරි කාලයේදී තවත් රුපියල් ලක්‍ෂ 05ක ප්‍රදානයක් සිදු කරන බවට ද 2011 කණ්ඩායම සහතික වී ඇත.

චානක සොලමන් ඉදිරි වර්ෂය සඳහා 2011 ආදි ශිෂ්‍ය කණ්ඩායමේ සභාපතිවරයා වශයෙන් පත් කරගෙන ඇති අතර උදිත එදිරිවීර ලේකම් ධුරයටත්, බුත්මල් උයනහේවා භාණ්ඩාගාරිකවරයා වශයෙන් ද සහන් වයංග ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් තෝරා පත් කරගෙන ඇත.

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්