රෝහල් වර්ජනය හේතුවෙන් රෝගීන්ට සිදුවන අපහසුතා මඟහරවා ගැනීමට දිවයින පුරා රෝහල් සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා තිබේ.


සෞඛ්‍ය අමාත්‍යංශය සිදුකළ ඉල්ලීමක් මත මෙලෙස ත්‍රිවිධ හමුදාව රෝහල් සඳහා කැඳවා ඇති බව වාර්තා වේ.

අද උදෑසන 06.30 සිට ‍සෞඛ්‍ය සේවාවේ වෛද්‍යවරු හැර වෘත්තීය සමිති 72ක් පැය 24ක කාලයක් සඳහා සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළේය.

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000ක ඩැට් දීමනාව (ඩැට් එක යනු රජයේ වෛද්‍යවරුන්ට දෙන රාජකාරී බාධා පැමිණීමේ හා ප්‍රවාහන දීමනාව ය) තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත් කරන අතර අත්‍යාවශ්‍ය කටයුතු පමණක් සිදුකිරීමට ද සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණය කර තිබේ.

කෙසේවෙතත් අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ විසින් වර්ජනයේ නිරත වෘත්තීය සමිති සඳහා සාකච්ඡාවකට ද ආරාධනා කර ඇති බව සඳහන්ය.

සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අද දිනයේ ලබා දී ඇති සාකච්ඡාවකට ද සහභාගී වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසිය. 


වෘත්තීය සමිති වර්ජනය හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වන බලපෑම සම්බන්ධයෙන්ද ඔහු මෙසේ අදහස් පළ කළේය. 


''තමන්ට අදාළ නැති දීමනා ඉල්ලන සෞඛ්‍ය වර්ජනය නරක පූර්වාදර්ශයක්''

 මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසන්නේ, තමන්ට අදාළ නැති දීමනා ඉල්ලා සෞඛ්‍ය සේවයේ ප්‍රාථමික හා ද්විතීයික ශ්‍රේණිවල සේවකයන් දියත් කර තිබෙන වැඩ වර්ජනය අතිශයින්ම නරක පූර්වාදර්ශයක් බවයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් ලෙස රජයේ වැටුප් ප්‍රතිපත්තිය අනුව වෛද්‍යවරුන් වෙත පමණක් විශේෂිත දීමනාවක් වූ වෛද්‍යවරුන්ගේ රාජකාරි බාධා, පැමිණ සිටිමේ හා ප්‍රවාහන දීමනාව (DAT) වැඩි කිරීමෙන් පසු එය තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලා කරන මෙම වැඩ වර්ජන විහිළුසහගත සහ ව්‍යවස්ථා විරෝධී බවත් හෙතෙම කීවේය.


සබැඳි පුවත් :
'ඩැට්' එකට අදත් විරෝධය - සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනයක


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්