බැංකු පනතට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම ඇතුළු පෙබරවාරි මාසය අවසානයට පෙර ඉටුකළ යුතු අයි.එම්.එෆ්. කැපවීම් අතරින් සියයට 33ක්

ඉටු කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබේ.

දුර්වල ආණ්ඩුකරණයක් පැවතීම ශ්‍රී ලංකාවට බලපා ඇති ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුවක් බව අයි.එම්.එෆ්. සංවිධානය හඳුනාගෙන තිබෙන බවත් මෙම බරපතළ ගැටලු විසඳා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නව අණපනත් හඳුන්වාදීමට නිර්දේශ කර ඇති නමුත් ඒවා අතරින් පනත් 4ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාව අසමත් වී ඇති බවයි වෙරිටේ රිසර්ච් අනාවරණය කරන්නේ.

මෙසේ ආණ්ඩුකරණයට අදාළ කැපවීම් සහ නව නීති සම්මත කිරීමට අයි.එම්.එෆ්. සංවිධානය ශ්‍රී ලංකාවට නිර්දේශ කර ඇති නමුත් එම කැපවීම්වලට අදාළ නීති මේ වසරේ පෙබරවාරි වනවිටත් සම්මත කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇතැයි එම සමීක්ෂණය පෙන්වා දෙයි.


IMF කැපවිම්වලින් 36%කට මොකද වුනේ ?

 
ශ්‍රී ලංකාවට දෙවන අයි.එම්.එෆ්. වාරිකය නිදහස් කරන ලද 2023 දෙසැම්බර්වලින් පසු ඉටු කරන බවට එකඟ වූ කැපවීම් අතරින් උද්ධමනයට ගැළපෙන අයුරින් ස්වයංක්‍රීයව සුරාබදු සංශෝධන කෙරෙන සූත්‍රයක් හඳුන්වා දීම, ණය කළමනාකරණ ආයතනයක් පිහිටුවීම සඳහා නීති වෙනස් කිරීම, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ නීතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම යන පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අයි.එම්.එෆ්. නිර්දේශ ලැබී ඇති නමුත් ඒවා නියමිත වේලාවට ඉටු කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති බව ද සමීක්ෂණ වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම අයි.එම්.එෆ්. කැපවීම් ඉටු කළේ දැයි සොයා බැලීමට අවශ්‍ය දත්ත සොයා ගැනීමට නොහැකි වීම නිසා සියයට 36ක කැපවීම් ‘නොදන්නා’ යනුවෙන් වර්ගීකරණය කිරීමට සිදුවී ඇති බව වෙරිටේ රිසර්ච් සමීක්ෂණ වාර්තාවේ වැඩිදුරටත් දක්වා ඇත.

(චතුරංග මේදිස්)
 
WhatsApp Image 2024 03 14 at 9.45.37 AM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්