රටේ ණය අර්බුදය විසඳීම සඳහා තම ආණ්ඩුවක් යටතේ ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පැවසීය.


ජාත්‍යන්තර වශයෙන් ලබාගත් ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත්කරුවකු ලෙස සම්බන්ධ කර ගන්නා බව ද සඳහන් කළේය.

ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී කොන්දේසිවලට යටත් වීමට අවශ්‍ය නැතැයි ඔහු කීවේය.

ආර්ථිකය ගොඩ ගැනීමට කෙටිකාලීන මධ්‍ය කාලීන සහ දියුණු කාලීන වැඩපිළිවෙළක් අවශ්‍ය බව විජිත හේරත් පෙන්වා දුන්නේය.



ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් (Peter Breuer) ඇතුළු නියෝජිතයින් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (14) පෙරවරුවේ කොළඹ ශ්‍රැංගිලා හෝටලයේදී පැවැත්විණි.

පැය එකහමාරක පමණ කාලයක් පැවති මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ සහ වංචා දූෂණ වැළැක්වීමට අදාළ ක්‍රියාවලීන්හි ප්‍රගතිය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති අතර ජනතාවට මෙතෙක් ලබා දී නොමැති තාක්ෂණ සහායක වාර්තාව පිළිබඳවද ජාතික ජන බලවේගයේ නියෝජිතයින් විසින් විමසීම් සිදු කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් පීටර් බෲවර් ට අමතරව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජ්‍ය නේවාසික නියෝජිත සර්වත් ජහාන් සහ කැට්සියරිනා ස්විඩ්සෙන්කා Katsiaryna Svieydzenka සහ මානවී අබේවික්‍රම යන අය සාකච්ඡාවට එක්ව සිටි ඇත.

මේ හමුව සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, ජාතික විධායක සභික මුදිත නානායක්කාර සහ ආර්ථික කවුන්සිලයේ සාමාජිකයින් වන මහාචාර්ය අනිල් ජයන්ත, මහාචාර්ය සීතා බණ්ඩාර, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ සුනිල් හඳුන්නෙත්ති යන අය සහභාගි වී තිබේ.

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්