ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජන්ම දිනය අද දිනට (24 වැනි ඉරිදා) යෙදී තිබේ. 


1949 මාර්තු 24 දින දින රනිල් වික්‍රමසිංහ උපත ලැබුවේ එඩ්මන් වික්‍රමසිංහ සහ නාලනී විජේවර්ධන මවුපියන්ට දාවයි.

ඔහු අද සපුරන්නේ තමන් දිවියේ 75 වැනි ජන්ම දිනයයි.

මෙරටට නිදහස ලැබීමෙන් පසු උප්පත්තිය ලබා කොළඹ රාජකීය විද්‍යාලයෙන් හා පසුව කොළඹ විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු මෙරට විශ්වවිද්‍යාලයකින් අධ්‍යාපනය ලැබූ පළමු ජනාධිපතිවරයා ලෙස ඉතිහාසයට එක්ව තිබේ.

1977 වසරේ බියගම ආසනයෙන් තරග කර පාර්ලිමේන්තුවට පිවිසි රනිල් වික්‍රමසිංහ, එතැන් සිට මේ දක්වා වසර 47ක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කරයි.

එමෙන්ම මෙරට 6 වරක් අගමැති ධුරය දරමින් වාර්තාවක් තැබීමට සමත් වූ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, ඕනෑම අභි‍යෝග භාර ගැනීමට කිසිදු පැකිලීමක් නොදක්වන්නකු වන අතර පසුගිය අරගලයෙන් පසු රටේ අගමැතිකම භාර ගැනීමට සියලු පක්ෂ නායකයන් පසෙකට වී සිටියදී රට භාරගෙන ජනතා අවශ්‍යතා ඉටු කිරීමට කටයුතු කරන ලද බව එජාප කොළඹ දිස්ත්‍රීක් නායක රවී කරුණානායක පවසයි.

එමෙන්ම රටේ අකර්මකන්‍ය වී තිබූ නීතියේ ආදිපත්‍යය ඔහු විසින් යළි ගොඩ නඟන ලද්දේ කිසිදු නිලධාරියකු වෙනස් නොකර වීම මෙහිලා විශේෂිත වූවක් බවද හිටපු අමාත්‍ය රවී කරුණානායක කියා සිටියි.



 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්