ලෝක සෞඛ්‍ය සංවිධානය චීනය කේන්ද්‍රීයව ක්‍රියා කරන බැවින් කොරෝනා වසංගතයෙන් ලෝකය බේරා ගැනීමට තිබූ අවස්ථාව

බරපතල ලෙස විනාශ කළ බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

එම සංවිධානයට ඇමෙරිකානු ආධාර ලබා දුන්නද, කුමක් හෝ හේතුවක් නිසා එය චීනයට බරව කටයුතු කරන බවත්, ඒ සම්බන්ධයෙන් ඇමෙරිකාව හොදින් සොයා බලන බවත්, එම පණිවුඩයේ දක්වා ඇත.

කොරෝනා වසංගතය පැතිරිමත් සමග ඇමෙරිකාව චීන ජාතිකයන්ට විවෘතව තබන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය තමන්ට ලබා දුන් උපදෙස් වාසනාවට තමා ප්‍රතික්ෂේප කළ බවත් පවසන ජනාධිපති ට්‍රම්ප්, එම සංවිධානය එවැනි වැරදි තොරතුරු ලබා දෙන්නේ ඇයි? දැයි ප්‍රශ්න කරයි.

Trump twite

 

වැඩිදුරටත් තොරතුරු සඳහා :

Coronavirus update: Donald Trump accuses WHO of bias toward China, threatened to ‘put hold on’ US funding

Coronavirus: Trump floats US hold on WHO funding — as it happened

'REALLY BLEW IT' Trump savages WHO for ‘faulty’ coronavirus advice as director faces calls to quit over China ‘cover up’

ගතවූ පැය 24 තුල ඇමරිකාවේ කොරෝනා මරණ 1970ක් !

US records highest daily death toll from Covid-19 in the world

කොරෝනා වෛරසය ආරම්භ වූ චීනයේ වූහාන් නගරයේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින නමුත් ලෝකයේ ඇතැම් රටවල තත්ත්වය දිනෙන් දින බරපතළ වෙමින් පවතී.

ඇමරිකා එක්සත් ජනපදය තුළ ගත වූ පැය 24 තුල දී කොරෝනාවෛරස් රෝගීන් තවත් 1970ක් මරණයට පත් ව ඇත.

නව කොරෝනාවෛරසය වැළදුණු බවට තහවුරු වී ඇති වැඩිම පිරිස වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙනි. මේ වන විට එම සංඛ්‍යාව 400,000 කට වැඩිය.

ලොව පුරා නව කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති ප්‍රමාණය මිලියන 1.3කි. ලොව පුරා 75,000කට ආසන්න පිරිසක් එම වෛරසය ආසාදනය වී මිය ගොස් ඇත.

 

වුහාන් නගරය යළි විවෘත වෙයි:

COVID-19: Wuhan partially reopens from months-long isolation ...

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වසා දමා තිබූ චීනයේ වූහාන් නගරය දින 76 කට පසු යළි විවෘත කර ඇත.  ඒ අනුව ජනවාරි 23 වැනිදාට පසු පළමු වරට වූහාන් නගරයෙන් පිටවීමට එහි වෙසෙන මිලියන 11 ක ජනතාවට අවසර හිමි වුණේ ඊයේ (07) මධ්‍යම රාත්‍රීයේ සිටයි.

ඒ අනුව නගරයට පැමිණීමට නොහැකිව සිටි විශාල පිරිසක් වූහාන් නගරය වෙත පැමිණෙමින් සිටින බව වාර්තා වෙයි.‍

ගුවන් තොටුපළ, දුම්රිය ස්ථාන සහ කර්මාන්ත ශාලා යළි විවෘත කිරීම සනිටුහන් කිරීම වෙනුවෙන් චීන රජය මගින් සංදර්ශනයක් ද සංවිධානය කර තිබූ අතර සමාජ මාධ්‍ය ඔස්සේ ද දැනුවත් කිරීම් සිදු කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එමෙන්ම, දුම්රිය ස්ථාන සහ බස් පර්යන්ත විදුලි පහන් දල්වා ආලෝකමත් කර, ”හෙලෝ වූහාන්” යනුවෙන් නගරයේ විශාල ගොඩනැගිලිවල ප්‍රදර්ශනය කර තිබූ බව ද වාර්තා වේ.

සබැඳි පුවත් :

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා චීන ගැත්තෙක්: ඉල්ලා අස්වෙන්නැයි බලපෑම්!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්