එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට ඉදිරි ජනාධිපතිවරණයේදී එම පක්ෂයෙන් තරඟ කිරීම වැලැක්වීම සඳහා එම පක්ෂයේ උප නායක

රවී කරුණානායක ඇමතිවරයා හා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන චම්පික රණවක, රාජිත සේනාරත්න හා සරත් ෆොන්සේකා යන පක්ෂ නායකයින් තිදෙනා මේවනවිට වෙන වෙනම ප්‍රචාරක මෙහෙයුම් ආරම්භ කර ඇතැයි 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ සජිත්-රවී සටන කාලාන්තරයක් පුරා පැවති නමුත් සජිත් ප්‍රේමදාසට එරෙහිව මේවනවිට අවි අමෝරාගත් අනෙකුත් නායකයින් තිදෙනාම ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයින්වීමේ බලාපොරොත්තුවෙන් ප්‍රචාරක කටයුතු ආරම්භකර ඇති අයවලුන් වීම විශේෂිත කාරණයකි.

ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන ලෙස ඔවුන් තිදෙනාට වෙනවෙනම උපදෙස් දී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ නායක, අගමැති රනිල් වික්‍රමසිංහ බව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

රනිල් ගෙන් 'ස්මාට්' ගේමක් !

මේවනවිටත් ජනාධිපතිවරණ ප්‍රචාරක මෙහෙයුම් ආරම්භකර ඇති එජාප නායකයාගේ ඉලක්කය වී ඇත්තේ ජනාධිපතිවරණයට තරඟ කිරීම නොව පක්ෂ නායකත්වය රඳවා ගනිමින් අගමැති ධුරය ලබාගැනීම බව ඔහුගේ සමිපතමයින්ගේ අදහසයි.

අගමැතිවරයාගේ ඇතැම් සමීපතමයින් රාත්‍රී සමාජ ශාලාවල දී කෙරෙන සංවාදවලදී පවසන්නේ, කරු ජයසුරිය හෝ සජිත් ප්‍රේමදාස යන එජාප නායකයින් ජනාධිපති අපේක්ෂකයින් ලෙස ලෙස ඉදිරිපත් නොකිරීමේ දැඩි තීරණයකට එළඹ සිටින අගමැතිවරයා, එක්සත් ජාතික පෙරමුණේ සිංහල බෞද්ධ නායකයින් වන චම්පික, රාජිත හා ෆොන්සේකාට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සුදානම් වන්නැයි දැනුම් දී ඇත්තේ ඔවුන් සජිත්ගේ හෝ කරුගේ කඳවුර වෙත හේත්තුවීම වලක්වා ගැනීම සඳහා බවයි.

''අපේක්ෂකයා තේරීමේදී අගමැතිවරයා තනි තීරණයක් නොගත යුතුයි'' - ඇමති එරාන් කියයි

මේ අතර පසුගිය 17දා රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න පැවසුයේ, ජනාධිපති අපේක්ෂකයා තේරීමේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තනි තීරණයක් නොගත යුතු බවයි.

කිසිවෙකුගේ බලපෑමට හෝ කැමැත්තට ජනාධිපති අපේක්ෂකයා තේරීම සිදු නොකළ යුතු බවද ඔහු මෙහිදී අවධාරණය කර සිටියේය.

අවස්ථා 02කදී මෙන් මෙවර ද අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපතිවරණය සඳහා වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනු ඇති බව මේවනවිටත් ප්‍රකාශ වී ඇති බව ද රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න කියා සිටියේය.

 

'ද ලීඩර්' සටහන : යහපත් ප්‍රවනතාවයක් :

මෙසේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ තුල සිදුකෙරෙන අභ්‍යන්තර සංවාදය දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් ලෙස සැලකිය හැක. පොහොට්ටු පක්ෂයේ අපේක්ෂකයා තේරීම රාජපක්ෂ පවුලේ භුක්තියට අත්පත්කර ගෙන තිබෙන මොහොතක බටහිර රටවල මෙන් තමන්ගේ අපේක්ෂකයා පක්ෂයේ විවෘත සංවාදයක් තුලින් මතුකර ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ නායකයින් දරන උත්සාහය බෙහෙවින් අගයකළ යුතුව ඇත.

මෙහි තවත් විශේෂිත කාරණයක් වන්නේ 2010 හා 2015 ජනාධිපතිවරණයට පක්ෂයෙන් කෙනෙකු සොයා ගැනීමට නොහැකිව බාහිරින් පුද්ගලයින් නම් කිරීමට සිදුවූ එක්සත් ජාතික පක්ෂයේ මෙවර අපේක්ෂකයාවිම සඳහා පක්ෂය ඇතුළතින්ම තරඟකාරී තත්වයක් මතුවීමයි. එය පොහොට්ටුවෙන් කවරකු ඉදිරිපත් කල ද මෙවර එජාපයේ අපේක්ෂකයකුට ජයගැනීමට හැකි බවට පවතින විශ්වාසයයි.

සබැඳි පුවත්

එජාප අපේක්ෂකත්වය ගන්න කරු පාර්ශ්වයෙන් රනිල්ට කළ යෝජනාව?

ෆොනී - රාජිත විසිවේ : රනිල්ගේ අලුත්ම තේරීම චම්පික !

එජාප අපේක්ෂකයා ගැන පොහොට්ටුවේ මතය මෙන්න

රනිල් ධම්මිකට දීපු ලනුව ඇමතිවරු තුනකටත් දීලා !

මංගල, ධම්මික 'හයර්' කිරීමේ රනිල්ගේ ව්‍යාපෘතිය 'බ්ලාස්ට්' කරයි !

'රනිල්ගේ ආශීර්වාදයෙන් සජිත් ජනපති කරනවා' - මංගල (VIDEO)

රනිල්ගේ අලුත්ම 'ගේම' - 'ධම්මික පෙන්නා එජාපය බියගැන්වීම'

UNP අපේක්ෂකයා : "ධම්මික නොවේ" - ඇමති අජිත් රහසක් කියයි

UNP ජනාධිපති අපේක්ෂක: මංගල ඇයි කලබල? - ධම්මික පෙරේරා විමසයි

එජාප අපේක්ෂකයා ධම්මික ද ? : ඇත්ත-නැත්ත මංගල කියයි (වීඩියෝ)

'මම ජනාධිපතිවරණයට එනවා'' - ධම්මික පක්ෂ නායකයින්ට දැනුම් දේ !

එජාප පසුපෙලින් වෙඩි මුරයක්! - ජනපති අපේක්ෂකයා රනිල් ද? සජිත් ද?

''පොදු අපේක්ෂක කතා බොරු. යූ.එන්.පී. අපේක්ෂකයා පක්ෂයෙන්මයි''

ඉරාන් ගෙන් රනිල්ට ටොක්කක් ! -''පක්ෂ ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ'' (VIDEO)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්